Home » බාල එන්නත් වංචාව: කෙහෙළිය CIDයට

බාල එන්නත් වංචාව: කෙහෙළිය CIDයට

by mahesh
April 10, 2025 1:04 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැයකට පමණ ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබුණි. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද දැනුම්දීමට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (09) උදෑසන 09.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි. මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර, ඊට අදාළව ඔහු පසුගිය කාලයේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමකට ද ලක්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT