Home » තුන්කොන් එක්දින තරඟයට යන ශ්‍රී ලංකා ‘ඒ කණ්ඩායම‘ නම් කරයි

තුන්කොන් එක්දින තරඟයට යන ශ්‍රී ලංකා ‘ඒ කණ්ඩායම‘ නම් කරයි

by chanaka
April 9, 2025 3:10 pm 0 comment

එක්සත් එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නම් කර තිබේ.

කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, සධීර සමරවික්‍රමටයි.

ළහිරු උදාර, කමිල් මිෂාර, ලසත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ සොනල් දිනූෂ, දුෂාන් හේමන්ත, තරිඳු රත්නායක, වංජු සහන්, මිලාන් රත්නායක, චමිදු වික්‍රමසිංහ, ඩිල්ෂාන් මධුසංඛ සහ මොහොමඩ් ශිරාස් යන ක්‍රීඩකයෝ මෙම කණ්ඩායම නියෝජනය කරති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන පරිදි මෙම ක්‍රීඩකයින් හෙට (10) එක්සත් එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතය.

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තුන්කොන් තරගාවලිය, ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිල හැරුණු කොට අයර්ලන්ත ‘ඒ‘ කණ්ඩායම සහභාගිවනු ඇත.

අදාළ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සත්කාරක ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව සිවුදින ක්‍රිකට් තරගයකටද සහභාගිවීමට නියමිතය.

මෙම තරගාවලියේ සියලුම තරග අබුඩාබිහිදී පැවැත්වෙනු ඇත.

  • අප්‍රේල් 13                                අයර්ලන්ත ඒ සහ ශ්‍රී ලංකා ඒ
  • අප්‍රේල් 15                                ඇෆ්ගනිස්තානු ඒ සහ ශ්‍රී ලංකා ඒ
  • අප්‍රේල් 19                                අයර්ලන්ත ඒ සහ ශ්‍රී ලංකා ඒ
  • අප්‍රේල් 23                                ඇෆ්ගනිස්තානු ඒ සහ ශ්‍රී ලංකා ඒ
  • අප්‍රේල් 25                                අවසන් මහ තරගය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT