ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ 2024/25 අවසන් මහා තරගයේදී පසුගිය ශූර මහනුවර ත්‍රිත්ව විදුහල සහ එවර අනුශූරයන් වූ කොළඹ සාන්ත ජෝසප් විදුහල අද (9) මග්ගොන සරේ ක්‍රිකට් පිටියේදී යළි ගැටෙයි.
අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ නාලන්දා විදුහලත්, අවසන් පූර්ව වටයේදී තම සම්ප්‍රදායික ප්‍රතිවාදී කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලත් පරදවමින් ත්‍රිත්ව විදුහල අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
අර්ධ අවසන් වටයේදී මාතර සාන්ත සර්වේසස් විදුහ පරාජය කළ සාන්ත ජෝසප් විදුහල අවසන් පූර්ව වටයේදී කැලණිය ගුරුකුල විදුහල පරදවමින් අවසන් තරගයට එක්විය.
මේ තරගයේදී ත්‍රිත්ව විදුහල් පිල මලිත් රත්නායක විසින් ද, සාන්ත ජෝසප් පිල කෙනත් ලියනගේ විසින් මෙහෙයවනු ලබති.
ත්‍රිත්ව සංචිතය – මලිත් රත්නායක (නායක), දීමන්ත මහවිතාන (සම උපනායක), වතිල උදාර (සම උපනායක), ජයවි ලියනගම, ආදම් හිල්මි, චනිරු සේනාරත්න, පුලිෂ තිලකරත්න, සෙත්මික සෙනෙවිරත්න, රජිඳු තිලකරත්න, රනුල් ගුණරත්න, ස්වේත් අනුරජීව, තිසල් යාපා, ඕෂණ ලොකුගේ, මහේන්ද්‍ර අබේසිංහ, කණිල්ක ඇන්තනී, ඩිනාල් ප්‍රනාන්දු, විදුනෙත් ධම්මගේ, ප්‍රවීන් රුකුනායක, කවිඳු ජයරත්න, ගිහාන් සමරසේකර (ක්‍රීඩා අධ්‍යක්‍ෂ), බ්‍රයන් සේනාරත්න (ක්‍රිකට් භාර ආචාර්ය), නවීන් ඒකනායක (ප්‍රධාන පුහුණුකරු), තිසරු ඩිල්ෂාන් (සහාය පුහුණුකරු), බන්දුල පුෂ්පකුමාර (අභ්‍යාසක), තිලංක දිසානායක (භෞත චිකිත්සක).
සාන්ත ජෝසප් සංචිතය: කෙනත් ලියනගේ (නායක), අභිෂේක් ජයවීර (උප නායක), යෙනුල දෙව්තුස, දුනික් පෙරේරා, රිෂ්ම අමරසිංහ, නුෂාන් පෙරේරා, සෙනුජ වකුණුගොඩ, ඩිහේන් ද සිල්වා, යෙනුල දන්තනාරායන, මානස මධුභාෂණ, අවීෂ සමාෂ්, ඩේමියන් ද සිල්වා, ලෙෂිත විජේතුංග, නිම්තක ගුණවර්ධන, මාරියෝ සුරවීර, කවිත් ප්‍රනාන්දු, සමේෂ් ඇන්තනි පියතුමා (ක්‍රීඩා පරිපාලක) ආසිරි කල්දේරා (ක්‍රිකට් භාර ආචාර්ය), ලක්මාල් ද සිල්වා (ප්‍රධාන පුහුණුකරු), ළහිරු පෙරේරා (සහකාර පුහුණුකරු), මිරංග වික්‍රමගේ (සහකාර පුහුණුකරු).