65
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මේ මස අවසානයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
මේ තරගාවලියට ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව එක්වන අතර, ශ්‍රී ලංකා – ඉන්දියා තරගයෙන් මේ මස 27 වැනිදා තරගාවලිය ආරම්භ වෙයි. තරගාවලියට තරග 7ක් ඇතුළත් වන අතර, සියලුම තරග දිවා තරග ලෙස පැවැත්වේ.