අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ ධර්මශෝක විදුහල අතර පැවති අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේ පැවති සුනිල සංග්‍රාමය වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
56 වැනි වරට පැවති මෙවර තරගය සුනිල සංග්‍රාම ඉතිහාසයට එක්වූයේ ජය පරායෙන් තොරව නිමාවූ 42 වැනි තරගය ලෙසිනි.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ධර්මාශෝක පිල පළමු ඉනිමට ලකුණු 221ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී දේවානන්ද පිල පළමු ඉනිමට ලකුණු 312ක් රැස් කළේය. තරගය නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ධර්මාශෝක විදුහල කඩුල්ලක් දැවී ලකුණු 94ක් රැස් කර තිබිණි.
තරගයේ වීරයා ලෙස ශ්‍රී දේවානන්ද විදුහලේ මහීම් දේශායි සම්මාන දිනාගත් අතර, තරගයේ දක්ෂතම පිතිකරු ලෙස ඔමේග කරුණාරත්න (ධර්මාශෝක), තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සඳලු රශ්මික (ශ්‍රී දේවානන්ද) සහ තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙස තිතිර සංසික (ධර්මාශෝක) සම්මාන දිනා ගත්හ.
ධර්මාශෝක පළමු ඉනිම – 221 (ඕවර 68.1) ඔමේග කරුණාරත්න 74, චන්දුප කවීශ 50, දිනෙත් ගිම්හාන් 37, ජිතිර සංසික 27 (සඳලු රශ්මික 81/6, සචින්ත ශෂික 52/3) සහ දෙවැනි ඉනිම 94/1 (ඕවර 14.3) සුහස් ද සිල්වා නොදැවී 60
ශ්‍රී දේවානන්ද පළමු ඉනිම – 312 (ඕවර 73.3) මහිම් දේශායි 76, නිසිත් තේජව 67, රවිඳු ද සිල්වා 33, මයුර මල්ෂාන් 28, ලෂාන් රශ්මික 22 (පසිඳු නදීෂ 43/3, ඉෂාන් අනුරාධ 57/2, දිනෙත් ගිම්හාන 63/2)