Home » හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් නැවත අරඹනවා

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් නැවත අරඹනවා

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වසර නවයක් තිස්සේ නැවතී තිබූ ශල්‍යාගාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු රුපියල් මිලියන 700ක ප්‍රතිපාදන වෙන් කිරීමක් යටතේ මේ වසරේදී නැවත ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.

ඒ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කරන බවද ඇමැතිවරයා පැවසුවේය.

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් ගිහාන් මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදි කිරීම් කටයුතු 2018 වර්ෂයේ ජනවාරි මාසයේ සිට නතර වී තිබෙනවා. රුපියල් මිලියන 300ක් වෙන් කරමින් එහි සංවර්ධන කටයුතු මේ වර්ෂයේ දී නැවත ආරම්භ කරනවා.

ඉදිරි වසර දෙක තුළදී මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරනවා. මලපවාහන පද්ධතියේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 82ක් වෙන් කර තිබෙනවා.

විශේෂඥ වෛද්‍යවරුන් 41ක් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය 958ක් රෝහලේ සේවය කරනවා. 644ක ඇඳන් ධාරිතාවක් තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT