Home » ඇතිමලේ සිඟිත්තියක් අබිරහස් ලෙස මියගිහින්

ඇතිමලේ සිඟිත්තියක් අබිරහස් ලෙස මියගිහින්

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක

ඇතිමලේ පොලිස් වසමට අයත් විලඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකයි මාස හයක් වයසැති සිඟිත්තියක් පෙරේදා (07) හදිසියේ මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.

එදින සවස යෝගට් එකක් සහ පැණි වළල්ලක් ආහාරයට ගෙන නින්දට ගොස් ඇති දැරිය අවදිනොවීම නිසා මව විසින් දරුවා වඩාගත් අවස්ථාවේ ශරීරය අප්‍රාණිකවී තිබෙනු දැක ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇත.

එහිදී දැරිය මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ විලඔය පදිංචි ආර්.එම්. තිලුණි ආරධ්‍යා බණ්ඩාර නමැති දැරියකි.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ඒ.සී ලක්මාලි මහත්මිය විසින් පැවැත්වීමට නියමිතව ඇත. ඇතිමලේ වැඩබලන පොලිස් ස්ථානාධිපති එල්.ඒ. ජිනදාස මහතා පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT