හැටන් අධ්‍යාපන කලාපයට අයත් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කර වසර අසූවක් (80) පිරීම නිමිත්තෙන් භික්ෂුන් වහන්සේලා අසූ නමක් (80) විෂයෙහි මහා සාංඝික දානමය පින්කමක් පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්විණි. මල්වතු පාර්ශ්වයේ ශ්‍යාමෝපාලි මහ නිකායේ මහානායක අති ගෞරවනීය නියංගොඩ විජිතසිරි හා ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති මල්වතු මහා විහාරයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා අසූ නමක් එම පින්කමට සහභාගී වූහ. එදිනම පෙරවරුවේ ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් හා ගුරු දෙගුරුන් වෙනුවෙන් පූජ්‍ය මාකඳුරේ පඤඤාසාර හිමිපාණන් වහන්සේ විසින් කාව්‍යමය ධර්ම දේශනයක් පවත්වන ලදි. ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඒ.ඒ. උපුල් ඉන්ද්‍රජිත් මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය විසින් සිසුන්ගේ, දෙගුරුන්ගේ හා ආදි සිසුන්ගේ සහාය ඇතිව එම විද්‍යාලයේ අසූ වන සංවත්සරය වෙනුවෙන් එම පින්කම සංවිධානය කර තිබුණි.
ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයට වසර අසූවයි
ගිනිගත්හේන විශේෂ - ජී.ඒ. ගුණසේන
භික්ෂූන් වහන්සේ අසූ නමක් විෂයෙහි දානමය පින්කමක්
by mahesh
April 9, 2025 4:00 pm
0 comment
ගිනිගත්හේන විශේෂ - ජී.ඒ. ගුණසේන
118
මීලඟ පුවත