Home » කැස්බෑව බස් නැවතුම්පොළේ budget shop වෙළඳසලේ ලක්ෂ ගණනාවක දේපළ දිරන්න ඇරලා

කැස්බෑව බස් නැවතුම්පොළේ budget shop වෙළඳසලේ ලක්ෂ ගණනාවක දේපළ දිරන්න ඇරලා

මගීන්ට සහ බස් සේවකයන්ට දැඩි අපහසුතා

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

ඉකුත් රජය සමයේ නගර පුරා ඇති කරන ලද බජට් ෂොප් සංකල්පයට සමගාමීව කැස්බෑව නගරයට ද එවැනි වෙළෙඳසලක් ආරම්භ කිරීමට කටයුතු කෙරිණි. එම වෙළෙඳ කුටිය ආරම්භ කරනු ලැබුවේ කැස්බෑව බස් නැවතුම්පොළ තුළය. කන්ටේනර් පෙට්ටියක් බස් නැවතුම තුළට යොමු කර ඊට විදුලිය ලබාදී වායු සමීකරණය කර අධිශීතකරණ, රාක්ක ඇතුළු අනෙකුත් උපකරණවලට රුපියල් ලක්ෂ ගණනාවක් වැය කර බජට් ෂොප් වෙළෙඳ කුටියක් උත්සවශ්‍රීයෙන් ආරම්භ කළේ එවකට වෙළෙඳ අමාත්‍ය ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

වෙළෙඳ කුටියේ මේ වනවිට කිසිදු භාණ්ඩයක් අලෙවි වන්නේ නැත. වසා දමා තිබෙන එම වෙළෙඳ කුටිය මේ වනවිට ජනතාවට හිසරදයක් බවට පත්ව ඇත.

දේශපාලනඥයන් ජනතා මුදල් කිසිදු හිරිකිතයක් නොමැතිව හරසුන් ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම හේතුවෙන් ජනතා බදු මුදල් ඇස් ඉදිරිපිට දීම විනාශ වන බව එම ජනතාව පවසති.

මෙම වෙළෙඳ කුටියද එවන් ප්‍රතිඵලයක් බව ඔවුහු පවසති.

ඊට අමතරව මෙම කන්ටේනර් පෙට්ටිය හේතුවෙන් බස් නැවතුම්පොළ තුළ වැසි දිනවලට සිටීමටවත් නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

නව රජය බලයට පත්වී මාස හතරක් පමණ ගතවී ඇතත් එම රජයේ බලධාරීන්ට හෝ නොපෙනෙන්නේ ජනතාවගේ අවාසනාවට දැයි ජනතාවම ප්‍රශ්න කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT