බහුජාතික රටක් වන අපේ රටේ ජාතීන් අතර සාමය සංහිඳියාව වැඩිදියුණු කිරීමේ පරමාර්ථය පෙරදැරිව දිස්ත්‍රික් මට්ටමින් පවත්වන දිස්ත්‍රික් ලේකම් ප්‍රමුඛ ඉහළ පෙළේ නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනේ පොලොන්නරුව වැඩමුළුව පසුගියදා පොලොන්නරුව සුදු අරලිය හෝටලයේ දී පැවැත්විණි.
දින දෙකක නේවාසික වැඩමුළුවක් ලෙස පැවති මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන ජාතික සාම මණ්ඩලයේ PAIRS ව්‍යාපෘතිය යටතේ පැවැති අතර පොලොන්නරුව දිස්ත්‍රික් අන්තර් ආගමික සහයෝගිතා කමිටුව එය සංවිධාන කර තිබුණි.
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා ප්‍රමුඛව අතිරේක දිස්ත්‍රික් ලේකම්, සහකාර දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් අමාත්‍යාංශ මට්ටමෙන් පත්කර ඇති එහි ක්ෂේත්‍ර නිලධාරීන්, මාධ්‍ය ඒකකයේ නිලධාරින් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් එම වැඩමුළුව පැවැත්විණි.
වැඩමුළුව මෙහෙයවීමේ මූලිකයා වූයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාය. ජාතික සාම මණ්ඩලයේ කළමනාකාරිනී නිරෝෂා ඇන්තනී මහත්මිය ද වැඩමුළුව පුරාවට එක්ව සිටියාය.
මෙහිදී විවිධ ජාතීන් පදිංචිව සිටින දිස්ත්‍රික්කයක් වන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජකාරී කරන විට මතුවෙන භාෂාව ඇතුළු විවිධ ගැටලු හඳුනා ගැනීම හා එම ගැටලු විසඳා ගැනීමට මුහුණ දිය යුතු ආකාරය, එමඟින් බහු ජාතීන් අතර සාමය සමගිය සංහිඳියාව වර්ධනය කරගත හැකි අන්දම දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් සහභාගි වූවන් දැනුම්වත් කිරීමට කටයුතු කර තිබුණි.