Home » කිරිඳිවැල නගරයේ තුන්මංහන්දියේ කානු පද්ධතිය ප්‍රමාණවත් නෑ

කිරිඳිවැල නගරයේ තුන්මංහන්දියේ කානු පද්ධතිය ප්‍රමාණවත් නෑ

by mahesh
April 9, 2025 11:00 am 0 comment

කිරිඳිවැල සමූහ - ජී.එස්. තැලිගම

කිරිඳිවැල නගරයේ ප්‍රධාන තුන්මංහන්දියේ කානු පද්ධතිය ප්‍රමාණවත් නොවන බැවින් සුළු වර්ෂාවකට පවා උතුරා යාම නිසා මගී ජනතාව පමණක් නොව වාහන ධාවකයෝ ද වෙ‍ළෙඳසල් හිමියෝ ද මහත් අපහසුවකට පත්වීම නිසා කිහිප වරක් දොම්පේ ප්‍රාදේශීය සභාව මඟින් එම කානු පද්ධතිය සුද්ධ පවිත්‍ර කළ නමුදු ගලා යන ජලකඳ හා අපද්‍රව්‍ය කානුවලට එක් කිරීම නිසා එය සාර්ථක නොවීය. පාසල් යන එන දරුවන් දහස් ගණනක් මේ නිසා ඉතා අපහසු තත්ත්වයට පත් විය. මෙම කරුණු මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දීමෙන් පසු කිරිඳිවැල පොලීසිය මැදිහත් වීමෙන් කානු පද්ධතිය සම්පූර්ණයෙන් කඩා ප්‍රමාණවත් ලෙස සකස් කර සැකසීම ආරම්භ කරන ලදි.

එහෙත් මේ සිංහල අවුරුදු සමය බැවින් පාරිභෝගික ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව ද අපහසුතාවට පත්වීම නිසා එම කානු පද්ධතියේ අඩක් තාවකාලිකව පිළිසකර කර සැහැල්ලු වාහන සඳහා පමණක් විවෘත විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT