“ත්‍රිකුණාමල නගරයේ මාර්ග අනතුරු අවම කිරීම සඳහා පළමු වතාවට මාර්ග සංඥා පද්ධතියක් ස්ථාපිත කර නැවැත්වූ තැනින් ඉතිරි අඩුපාඩු සකස් කර නාගරික ජනතාවට යහපත් මහනගර සභාවක් ඇති කරනවා.” යැයි ඉලංගෙයි තමිල් අරුසුකච්චි ත්‍රිකුණාමලය මහනගර සභා අපේක්ෂක කේ. සෙල්වරාජා මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
“මම නාගරික මන්ත්‍රීවරයකු ලෙසත්, නගරාධිපතිවරයකු ලෙසත්, උප නගරාධිපති ලෙසත් කාලයක් කටයුතු කළා. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගියට විශාල වැඩකොටසක් කළා. දැනට නගර සභාව සතු ක්‍රීඩා පිටිය කඩලා දාලා මේ ක්‍රීඩාංගණය අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක් කරනවා. එයට නගර සභාවේ මුදල් මදි. ඒ සඳහා විවිධ ආධාර මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මම නගර සභාවේ ඉන්න කාලෙදි නෙදර්ලන්තයේ ආධාර මත නගර සභාවට ගිනි නිවන ඒකකයක් ගත්තා. ඒ අත්දැකීම් පාදක කරගෙන මෙම කටයුතු සිදු කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ත්‍රිකුණාමල නගරවාසී දුප්පත් ළමයින්ට පාසල් උපකරණ ලබා දීමටත්, ඒ අයව පාසල් යැවීමටත් සුදුසු වැඩපිළිවෙළක් මම සකස් කරනවා. මේක දිගුකාලීනව රාජ්‍ය නොවන සංවිධානවල උදව් ඇතිව දිගටම ක්‍රියාත්මක කිරීම තමයි මගේ බලාපොරොත්තුව.”