Home » ස්වාධීනව ඉදිරිපත් වුණත් අපේ කණ්ඩායම ශක්තිමත්

ස්වාධීනව ඉදිරිපත් වුණත් අපේ කණ්ඩායම ශක්තිමත්

අක්මීමන ප්‍රාදේශීය සභා අපේක්ෂක රජිත ගුණසේකර (ස්වාධීන කණ්ඩායම 2)

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

අක්මීමන විශේෂ - සුනිල් ගමගේ

“අපි අපේ ප්‍රදේශවල ජනතාවත් සමඟ ඉන්න කණ්ඩායමක්. ඒ නිසා ජනතාව අපත් සමඟ ඉන්නවා කියල අපට තේරුම් ගියා. අපි පක්ෂ මාරු කරන්නේ නැතිව අපේ පක්ෂයේ මතය තබාගෙන ජනතාව අප ගැන විශ්වාසය තබා සිටින නිසා ස්වාධීනව තරග කරන්නට ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කළා.” අක්මීමන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ස්වාධීන කණ්ඩායම 2 අපේක්ෂක රජිත ගුණසේකර මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“අප දේශපාලන වශයෙන් අනාථ වූ කණ්ඩායමක් නොවේ. අපේ කණ්ඩායම ඉතාම හොඳ කණ්ඩායමක් ලෙස ඉදිරිපත් කරන්නට අපට හැකි වුණා.උගත්, වංචා දූෂණවලින් තොර රාජ්‍ය සේවයේ නියුතු වූවවන්ගෙන් සමන්විත, ජනතාවගෙන් කිසිදු චෝදනාවක් නොලබපු කණ්ඩායමක් අපි. ඒ නිසා පිළිගත් දේශපාලන පක්ෂවලට වඩා ශක්තිමත් කණ්ඩායමක් ලෙස අක්මීමන ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩායම 2න් ඉදිරිපත් වී තරග කරනවා. පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයන් සොයමින් ගම වටේ දුවද්දී අපි කිසිදු අපහසුතාවයකින් තොරවයි අපේ කණ්ඩායම සූදානම් කළේ. ඔබ පාර්ලිමේන්තුවට තෝරා යැවූ අය පසුගිය කාලෙ කරපු දේවල් ඔබ දන්නවා. දැන් ඒ අය කරන්නේ මොනවද කියලත් දන්නවා. ප්‍රාදේශීය සභාවට එවැනි පිරිසක් යවන්න එපා. මහජන නියෝජිතයෙක් කියල බය නැතිව කියන්න පුළුවන් අය සභාවට යවන්න. අන්න එවිටයි ඔබට සතුටු විය හැකි ව‍ෙන්නෙ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT