Home » අපි ඡන්දෙට එන්නේ වැඩ පෙන්නලයි: කොළොන්නාවේ බලය අපටයි

අපි ඡන්දෙට එන්නේ වැඩ පෙන්නලයි: කොළොන්නාවේ බලය අපටයි

කොළොන්නාව නගර සභා අපේක්ෂක අනුර ලියනගේ (සජබ)

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

මුල්ලේරියාව සමූහ - සිරිසේන ගමගේ කොළොන්නාව සමූහ - ඒ. සුමනසේන

“මෙවර සමගි ජන බලවේගය කොළොන්නාව නගර සභාවේ පාලන බලය ලබා ගන්නවා. අපි ඡන්දෙට මුහුණ දෙන්නේ වැඩ කරල පෙන්නලයි” යැයි

කොළොන්නාව නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් තරග කරන කණ්ඩායම් නායක හිටපු උප සභාපති අනුර ලියනගේ මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීය.

“අද කොළොන්නාව බල ප්‍රදේශයේ කසළ ඉවත් කිරීම, කානු පද්ධති සහ ඇළ මාර්ග ශුද්ධ පවිත්‍ර කිරීම අපේ පාලන කාලයේදී ආරම්භ කරගෙන ආ පරිදි ක්‍රමවත්ව සිදු කෙරෙනවා. කසළ ප්‍රශ්නය උග්‍රව තිබූ ලක්සඳ සෙවණ මහල් නිවාසවල රාත්‍රී කාලයේදීත් කසළ ඉවත් කිරීම ආරම්භ කළේ අපියි.

ඉදිරියේදිත් ජනතාවගේ ප්‍රශ්න ගැටලු කෙරෙහි වඩාත් නම්‍යශීලීව අවධානය යොමු කරමින් කාර්යක්ෂම සේවාවක් සිදු කිරීමට අප සූදානම්ව සිටිනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT