“රත්නපුර ඉතිහාසයේ ආරම්භක අවධියේ තනි ප්‍රධාන දේශපාන පක්‍ෂයක් බලය පිහිටවනු ලැබුවත් වසර දහයක ඉතිහාසයක් ඇතුළත මේ රටේ තනි දේශපාලන පක්‍ෂයක් බලය පිහිටුවා නැති බවත්, මෙවර බලය පිහිටුවීමේදී පොදුජන එක්සත් පෙරමුණ තීරණාත්මක සාධකයක් වන අතර, තම කණ්ඩායමේ සහාය බලය පිහිටුවන කණ්ඩායමට වැදගත් වනු නියත බව පොදුජන එක්සත් පෙරමුණේ රත්නපුර මහනගර සභා කණ්ඩායම් නායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක ඉන්දීර දුෂ්මන්ත මහතා පැවසීය.
“වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය.
“රත්නපුරින් ඉදිරිපත් වන මා ඇතුළු අපේ කණ්ඩායමේ සිටින්නේ පිරිසුදු අයයි. අපි පරිසරයට ආදරය කරන පිරිසක්. පසුගිය නගර සභා මැතිවරණයේදී නගරසභා බල ප්‍රදේශයේ ගස් කපා පරිසරය විනාශ කළ අයට ගොඩිගම ප්‍රදේශයේ ජනතාව නිසි පිලිතුරු දෙමින් ගෙදර යැවුවා. මෙවරත් ඒ අයගේ මුසාවට නොරැවටී නිසි පිලිතුරු ලබාදෙනු ඇතැයි මා විශ්වාස කරනවා. රත්නපුර නගරය දියුණු කරන්න නම් පිරිසුදු පාලනයක් අවශ්‍යයි. මා නගර සභාව නියෝජනය කළ අවස්ථාවේ නගර සභාව නිවැරදි ගමනකට ගෙන යන්න විශාල හඬක් නැගුවා ඉදිරි පළාත්පාලන මැතිවරණ ජයග්‍රහණයෙන් පසුත් ඒ හඬ ඉදිරියට නගරසභාව තුළ ගෙනයන්න පුටුව ලකුණට ඡන්දය ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”