පක්ෂය, ජනවර්ගය, ආගම හෝ වෙනත් කිසිදු භේදයක් නොසලකා තම කොට්ඨාසයේ ජනතාවගේ හදගැස්ම හඳුනන, නිරතුරුව පොදු ජනතා ප්‍රශ්න හමුවේ ඔවුන් සමඟ උරෙනුර ගැටෙමින් විසඳුම් සොයන සැබෑ ජනතා නියෝජිතයෙක් තෝරා පත්කර ගැනීම පළාත් පාලන මැතිවරණයකදී ඡන්දදායකයන්ගේ යුතුකම හා වගකීම විය යුතු බව වත්තල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකා, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිණි, හෙලන් මංජුලා සිල්වා මහත්මිය අවධාරණය කළාය.
ඇය වැඩිදුරටත් මෙසේද කීවාය.
“රැල්ලට ඡන්දය පාවිච්චි කිරීම පසෙකලා බුද්ධිමත්ව සිතා කටයුතු කිරීමේ අවශ්‍යතාවය මේ වෙලාවේ වැදගත්. ඡන්ද කාලයේදී මතුවන පසුව අතුරුදහන් වන නොදන්නා අයට ඡන්දය පාවිච්චි කර අමාරුවේ නොවැටෙන ලෙසත් මතක් කර සිටිනවා. වත්මන් දේශපාලන සංස්කෘතිය තුළ පක්ෂ දේශපාලන ක්‍රමයට අනුගත විය යුතුමයි.
ඒ අනුව බලන කල නිදහසින් පසු මෙරට ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ වැදගත්, ශක්තිමත් පියවර රැසක් ගෙන ඇත්තේ පරිණත නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය බව අවිවාදයෙන්ම පිළිගත යුතු සත්‍යයක්.”