Home » නගර සභා ඇතුළෙ ගන්න සියලු තීරණ ජනතාවට බලන්න ලින්ක් එකක් දෙනවා

නගර සභා ඇතුළෙ ගන්න සියලු තීරණ ජනතාවට බලන්න ලින්ක් එකක් දෙනවා

අම්බලන්ගොඩ නගර සභා අපේක්ෂක - ජීව සුදත් සේමගේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

ගාල්ල දිස්ත්‍රික් සංචාරක - ධර්මදාස සිරිවර්ධන

“නගර සභාවේ සියලු කටයුතු අම්බලන්ගොඩ ජනතාවට දකින්න පුළුවන් විදියට ලින්ක් එකක් හදනවා” යැයි අම්බලන්ගොඩ නගර සභා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ආචාර්ය ජීව සුදත් සේමගේ මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“අම්බලන්ගොඩ කරෙත්තකන්ද බලප්‍රදේශයේ සෑම තැනම ගිහින් ප්‍රදේශයේ අඩුපාඩු ගැන අපි සොයා බැලුවා. ඇත්තෙන්ම මේ ප්‍රදේශයට නම් පසුගිය කාලේ කිසිම වැඩක් කරල නෑ කියල තමයි කියන්න තියෙන්නෙ. ඇළවේලි ටික බැලුවත්, පාරවල් ටික බැලුවත්, වෙනත් පොදු ස්ථානවලට ගිහින් බැලුවත් ඒවා ගැන නගර සභාවේ අවධානය යොමු වෙලා නෑ. ඒ හැම දෙයක් ගැනම සොයා බලන්න පුළුවන් හොඳ කණ්ඩායමක් අපට ඉන්නවා. අපි එකතුවෙලා නගර සභා බලප්‍රදේශයේ සියලුම පැති කෙරෙහි අවධානය යොමු කරලා වසරක් ඇතුළත පැහැදිලි වෙනසක් කරනවා කියලා ජනතාවට පොරොන්දුවක් දෙනවා. අම්බලන්ගොඩ තියෙන කානු පද්ධතිය අවහිර වෙලා. ගඳ ගහනවා. පළාතෙ යන්න බෑ. නගරෙ හැම තැනම කුණු. නගර සභාව කියන්නෙ පුළුල් පරාසයක්. මේ කුණු ප්‍රශ්නයට අපි ස්ථිර විසඳුමක් දෙනවා. රාජ්‍ය ආයතනවල නිවාස නැතිව ඉන්න අයට දෙන්න නිවාස ව්‍යායාපෘතියක් හදන්න අපි අදහස් කරනවා. ඒ වගේම තමයි අපි පොල් ප්‍රශ්නයට විසඳුමක් දෙනවා. අඩු කාලයකින් පල දරන හොඳ ප්‍රමිතියෙන් යුත් පොල් පැළ ගෙනල්ලා නිවෙසකට දෙකක් බැගින් පක්ෂ භේදයෙන් තොරව සෑම නිවසකටම බෙදල දීල ඒවා නගර සභාවේ අදාළ නිලධාරීන් යොදවලා පසු විපරම් කර පොහොර ආදිය ලබාදෙන්න වැඩපිළිවෙළක් හදනවා.

නගර සභාවෙ සිදුවන හැම දෙයක්ම ජනතාව දැනගත යුතුයි. නගර සභාවේ ඇතුළෙ වෙන හැම සිද්ධියක්ම ජනතාවට බලාගන්න හැකිවන පරිදි ලින්ක් එකක් හදනවා.

මට පක්ෂ පාට භේද නෑ. පක්ෂ භේදයකින් තොරව මම ඉල්ලා සිටින්නේ පොහොට්ටුවට ඔබේ මනාපය ලබා දී කරෙත්තකන්ද බල ප්‍රදේශයට ඔබේ සේවකයා වශයෙන් මා පත් කරගන්නා ලෙසයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT