Home » බඩගෝස්තරවාදී දේශපාලනයට එරෙහි අපේ වැඩපිළිවෙළ පිළිගෙන අවසන්

බඩගෝස්තරවාදී දේශපාලනයට එරෙහි අපේ වැඩපිළිවෙළ පිළිගෙන අවසන්

දඹුල්ල මහනගර සභා අපේක්ෂක දර්ශ චන්ද්‍රසිරි (ජාතික ජන බලවේගය)

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

තක්ෂිලා උදයංගනී

“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් යථාර්ථයක් බවට පත්කිරීමේ මූලික අඩිතාලම නගර සභාව තුළින් ගොඩනැඟීමට අවස්ථාව තිබෙන බවත්, එම අවස්ථාව වෙනුවෙන් ජාතික ජන බලවේගය හැටියට ඉතා ප්‍රබල කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙන බවත්, ඔවුන්ගේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවත් දඹුල්ල මහ නගර සභා අපේක්ෂක දඹුල්ල කොට්ඨාසයෙන් තරග වදින දර්ශ චන්ද්‍රසිරි මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“කිසිම කළමනාකරණයක් නැතුව තමන්ට රිසි පරිදි මහ නගර සභාවක් පවත්වාගෙන යමින් තිබෙන සියලු මුදල් කාබාසිනියා කරමින් නගර වැසියන්ට කිසිදු ආකාරයක දෙයක් නොකර තම තමන්ගේ බඩ කට පුරවා ගත් ඒ බඩගෝස්තරවාදී දේශපාලනය වෙනස් කිරීමට පොරොන්දු වෙනවා. එය ජාතික ජන බලවේගය කණ්ඩායමට පහසුවෙන්ම කළ හැකියි. මොකද අපි තනි තනියෙන් නෙවෙයි වැඩ කරන්නේ. අපි කණ්ඩායමක් විදිහට වැඩ කරන්නේ. ඔබ රැවටෙන්න එපා. ඔවුන් මාන බලන්නේ ඔබේ ජීවිතය හැඩගැස්වීමට නෙවෙයි. ඔබ අසරණ කර ඔවුන්ගේ ජීවිතය හදාගන්නයි. අපි ආණ්ඩුවක් අරන් තියෙනවා. හැබැයි රාජ්‍ය බලය ක්‍රමානුකූලව අපේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ අනුව වෙනස් වෙමින් පැමිණ තිබෙනවා. ඒ පැමිණ තිබෙනවා කියන්නේ අපේ ජාතික ජන බලවේගයේ මේ වැඩපිළිවෙළ සියල්ලන්ම පිළිගන්නවා කියන එකයි. ඔබ හැමදාම හිතපු ඒ ඔබේ ජීවිතය ළඟා කරදීම සඳහා ඉදිරි වැඩපිළිවෙළ සාර්ථක කරගන්න වැඩි බලයක් සහිතව නගර සභාව දිනවීමට ඔබගේ සහයෝගය අවශ්‍යයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT