Home » මේ පනතින් පුරවැසි අයිතිය රැකෙනවා නම් සහාය දෙනවා

මේ පනතින් පුරවැසි අයිතිය රැකෙනවා නම් සහාය දෙනවා

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

සොරකම් කළ පොදු දේපොළ නැවත පවරා ගැනීම සම්බන්ධයෙන් වන මේ පනත තුළින් පුරවැසි අයිතිය රැකෙන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් සමඟි ජන බලවේගයේ සහාය නොඅඩුව ලබා දෙන බව සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

මේ පනත් කෙටුම්පත අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ කියැවෙන එකක්. අපරාධයක් පිළිබඳ සාක්ෂි, සාධක තිබෙන්න ඕනෑ. රජයේ සේවකයෙක් වුවත් වෙනත් අයෙක් වුවත් අපරාධ නීතිය අනුව වරදක් ලෙස අර්ථ නිරූපණය කර ඇති දෙයක් අයථා ලෙස උපයාගෙන තිබේ නම් එය වරදක්. අපරාධයක් හා සම්බන්ධ මුදල්, සොරා ගත් දේපොළ වින්දිතයන්ට සහ රජයට නැවත අත්පත් වන ආකාරයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්. එවැනි දෙයක් සම්බන්ධයෙන් පළමුවෙන්ම කතා කළේ 2015 වසරේ බලයට පත් යහපාලන ආණ්ඩුව. සොරා ගත් දේෙපොළ නැවත පවරා ගැනීම සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක් යහපාලන ආණ්ඩුව යටතේ අපි පිහිටෙව්වා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT