අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කළ යුතුය යන කොන්දේසිය මත මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා එදා මැතිවරණයට සිරිකොතින් මුදල් ලබා දුන් බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා මේ බව සඳහන් කළේ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ විවාදයට ඊයේ එක් වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා මෙසේද පැවසීය.
බැඳුම්කරය ගැන මම කියනවා. අපි තමයි අර අහිංසක ග්‍රාමසේවක මහත්තයාව බලයට ගේන්න කැපවුනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අපට මුදල් දුන්නා. මුදල් දුන්නේ එක කොන්දේසියක් මත. සිරිකොතේ මුදල් පිරිලා තිබුණා. මම මේක අදත් පාර්ලිමේන්තුව ඇතුලේ මේක කියනවා. අපිට සල්ලි දුන්නු කොන්දේසිය තමයි අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකුවේ සභාපති කළ යුතුයි කියන කොන්දේසිය. ඒකට එකඟ වෙලා මුදල් දුන්නේ. ඊට පසුව ඒ කොන්දේසිය ඉටු කළේ නැද්ද? අපිට දුන්නු මුදල් ටික ඩබල් ට්‍රිබල් කරලා ඒ මනුස්සයා ගත්තා. අදත් නෑ. ඇයි මේවා මගෙන් අහන්නේ නැත්තේ.