පශු සම්පත් ක්ෂේත්‍රයේ නිරත ගොවීන් ඇති කරනු ලබන සියලුම සතුන් සඳහා රක්ෂණ ආවරණයක් ලබාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අවධානය යොමු වී ඇත.
ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ව පාලනයට යොමු කිරීමේ අරමුණ ඇතිව මෙම රක්ෂණ ක්‍රියාවලිය තවතවත් සක්‍රීය කළ බව එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි.
මේ වන විට සත්ව පාලනයේ යෙදෙන ගොවීන්ට රක්ෂණ ක්ෂේත්‍රයේ අයකරන අඩුම රක්ෂන වාරික මුදලක් යටතේකෘෂීකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ගවයන් සහ ඒළුවන් සඳහා රක්ෂන ආවරණ ලබාදෙයි. මෙම සතුන් මියයාමකදී හෝ පූර්ණ බෙලහීන වීමකදී අදාළ රක්ෂිත මුදල ගෙවීම සිදු කරයි.
ගව රක්ෂණය සඳහා ගවයකුගේ වෙළෙඳපොළ වටිනාකමින් 3%ක් -4% අතර රක්ෂණ වාරිකයකුත් ඒළුවන් සඳහා උපරිමය 7% ක රක්ෂණ වාරිකයකුත් අය කරනු ලබයි. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර කෘෂීකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල දිසිත්‍රික් කාරියාල වෙතින් ලබා ගත හැකි බවද සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා කියයි.