පොලිසිය හා මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීම සදහා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම හා එහි ක්‍රියාකාරිත්වය කාලීන අවශ්‍යයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දැනට ක්‍රියාත්මක ප්‍රජා පොලිස් සංකල්පය, කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි ක්‍රමවේද යවත්කාලීන කරමින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ මහජන සම්බන්ධ ක්තිමත් කිරීමට ට මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු සිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් මඟින් සියකට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.
ශ්‍රී ලංකා පොලිසියේ දැක්ම යථාර්ථයක් බවට සත්කර ගැනීම සඳහා මහජන සහයෝගය මෙයින් බලාපොරොත්තුවේ. රටට අනන්‍ය ආරක්ෂක සැලැස්මක් තුලින් මහජනයා කිරීම සඳහා අපරාධ පාලනය හා කළමනාකරණය ඔස්සේ සමාජ සංහිදියාව පෝෂණය කිරීමේ ශ්‍රී ලංකා පොලිසියේ මෙහෙවරට මහජනයාගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත්ය.
මේ සඳහා කාරුණ්‍ය යතු නිර්මාණත්වය, අධිෂ්ඨාන ශක්තිය. නව දැනුමහා මහජනයා වෙන ඉක්මනින් ප්‍රවේශවීමේ හැකියාව වැනි අංශ දායක කරගත යුත අතර එමඟින් පහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස පහජන සහභාගීත්වය සක්‍රීය ලෙස ලබා ගැනීම සඳහා නව ප්‍රවේශයක් වශයෙන් ග්‍රාම නිලධාරි වයම් 14,022 ක් ආවරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු පිහිටුවා ඒ සඳහා පොලිස් නිලධරයන් අනුයුක්ත කරනු ලබයි.
මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ මුලික අරමුණ වනුයේ ජාතික තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම තුළින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට දායකත්වය ලබා ගැනීම, ගැටුම් නිරාකරණය හා අපරාධ වැලැක්වීම, කරුණ ප්‍රජාවේ ආත්මාභිමානය සුරක්ෂිත කිරීම තුළින් පූජාව සර්ව බල ගැන්වීම සඳහා දායකත්වය ලබා ගැනීම, ආගමික සමඟිය තහවුරු කිරීම, ස්වාභාවික සම්පත් තිරසර ලෙස පරිහරණය කිරීම, උපද්‍රව හා ව්‍යන කළමනාකරණය කිරීම, පුජා සංවර්ධනය කිරීමට දායක වීම, පිසජන කේන්ද්‍රිය පොලිස් පස්වාවක් නිර්මාණය කිරීම. විනයගරුක හා නීතිගරුක පුරවැසියෙකු නිර්මාණය කිරීමට දායක වීම, පුරවැසියා ආධ්‍යාත්මක හා ආකල්පමය වශයෙන් සංවර්ධනය කර සමාජයේ යහපැවැත්ම තහවුරු කිරීම හා කාලීන සමාජ සංවර්ධන අවසසතා හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට දායක වීමයි. මෙම කමිටුවේ ප්‍රධාන කාර්ය භාර්ය වනුයේ ඉහත සඳහන් ප්‍රධාන අරමුණු සාර්ථකව ඉටු කර ගැනීම සඳහා කටයුතු කිරීමයි.
කමිටුව අවම වශයෙන් මසකට වරක් රැස්වන අතර එහිදී, ඉහත සඳහන් මූලික අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් සකස් කර ගැනීමත් වගකීම පැවරීමත් කමිටුවේ වගකීමකි.
මෙම කමිටුව සඳහා සේවයේ නියුතු විශ්‍රාමික රාජ්‍යය නිලධරයන්, විශ්‍රාමික පොලිස් නිලධාරීන් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පොලිස් වසමේ පිහිටුවා ඇති සමිති සමාගම් වල නියෝජිතයින්, යෞවන හා ක්‍රීඩා සමාජ සාමාජිකයින් තෝරාගනු ලබන අතර ඔවුන් පසුබිම් පරීක්ෂණයකට යටත් කරනු ලබයි.
මෙම කමිටුවේ සාමාජිකයින්ගේ ධූර කාලය වසර 03 කි. කමිටුව පිහිටුවීම සඳහා අදාළ පොලිස් වසමට අයත් ප්‍රාදේශීය ලේකම් හා ප්‍රදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිගේ මඟ පෙන්වීම හා දායකත්වය මෙන්ම සුදුසු ආගමික නායකයින්ගේ අනුශාසකත්වයත් ලබා ගනු ලබයි.
සෑම පොලිස් වසමකටම අයත් ග්‍රාම නිලධාරී වසම් භාරව පොලිස් නිලධාරියෙකු පත් කරන අතර මෙම මහජන ආරක්ෂක කමිටුවේ කැඳවුම්කරු ලෙස එම පොලිස් නිලධාරියා කටයුතු කරනු ලබයි.
පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සෑම මසකම තම වසමට අයත් මහජන ආරක්ෂක කමිටු වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාලෝචන රැස්වීමක් පැවැත්විය යුතු අතර දිස්ත්‍රික්කය භාර සහකාර පොලිස් අධිකාරිවරයා මාස 02 කට වරක් සමාලෝචන රැස්වීමක් පවත්වනු ලබයි. කොට්ඨාස භාර නිලධාරින් විසින් මෙම කමිටුවේ පිහිටුවීම ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අහඹු ලෙස පරීක්ෂාවට ලක් කරන අතර කාර්ය සාධනය වැඩි කරවීම සඳහා උපාය මාර්ග සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් කමිටු වල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම තුලින් අපරාධ කළමනා කරණය, මහජන විශ්වාසය ගොඩනැගී ඇතිද යන්න විශ්ලේෂණය කරනු ලබයි.