87-91 සමයේ වධ හිංසාවට පත්වූවන්ගේ සංගමයේ සභාපති බිටො ප්‍රනාන්දු
ජනාධිපති කොමිෂන් වාර්තාවට අනුව මාතලේ දිස්ත්‍රික්කයේ අතුරුදන්වූ 1041 දෙනකු අතරින් 700ක පමණ පිරිසක් අතුරුදන් වූයේ රණවිරු ගෝඨභය රාජපක්ෂ මධ්‍යම පළාතේ හමුදා ප්‍රධානියා ලෙස සිටියදී යැයි 87-91 සමයේ වධ හිංසාවට පත්වූවන්ගේ සංගමයේ සභාපති, අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බිටො ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා මහනුවර, යටිනුවර වීදියේ ඩෙවොන් රෙස්ට් හිදී අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති මාධය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“බටලන්ද රනිල් නම් මාතලේ ගෝඨාභය. එනිසා බටලන්ද පිළිබඳ සොයනවා සේම මාතලේ ඝාතනය සම්බන්ධයෙන් ද රජය සෙවිය යුතුයි. බටලන්ද වධකාගාරය සම්බන්ධව සාකච්ඡාවට ගැනීම පිළිබඳව අපි සතුටු වෙනවා. අපිත් කාලයක් බටලන්ද ගැන කතා කළා. ඒවා කාලයත් එක්ක යටපත් වුණා. දැන් යළිත් ඒ ගැන සමාජ කතිකාවක් නිර්මාණය වෙලා. නීතිමය කාරණා මොනවා වුණත් මේක මහජනතාව අතර සාකච්ඡාවීමෙන් එවැනි වූ අපරාධවලට එරෙහිව ජනමතයක් මෙන්ම පිළිකුලක් ගොඩනැඟෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මාස හයක් පමණ මධ්‍යම පළාතේ අණ දෙන නිලධාරී වශයෙන් කටයුතු කළා. ජනාධිපති කොමිෂන් වාර්තාවට අනුව 87-91 කාලයේදී මාතලේ දිස්ත්‍රික්කයේ 1041කට ආසන්න පිරිසක් අතුරුදන් වුණා. මේ අය අතරින් 700 දෙනකුම අතුරුදන් වෙන්නේ රණවිරු ගෝඨාභය රාජපක්ෂගේ පාලනය යටතේ. අපි කියනවා, බටලන්ද රනිල් නම් ගෝඨාභය මාතලේ කියලා. ඒ නිසා මේ අපරාධකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉෂ්ට කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.”
මෙහිදී අතුරුදන් වූවන්ගේ පවුල් එකතමුතුව වෙනුවෙන් සී. එච්. කේ. මහීනාත, මැදවච්චියේ ජී. සුනිල්, ගලගෙදර කේ. ජී. සී. ජයසිංහ, කටුගස්තොට ගොහාගොඩ එම්. ජී. සමරවීර, පොලොන්නරුවේ පී. ජී. චන්ද්‍රාවතී මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.