Home » අපරාධ වත්කම් පනත් කෙටුම්පත සම්මතයි

අපරාධ වත්කම් පනත් කෙටුම්පත සම්මතයි

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

‘අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ’ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී දෙවැනි වර කියවා සංශෝධන රහිතව සම්මත වූ බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මෙම පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අතර, ඒ අනුව ඊට අදාළ විවාදය පැවත්විණි.

අනතුරුව කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කර සංශෝධන රහිතව සම්මත වූ අතර, ඉන් අනතුරුව තෙවැනි වර කියවීම ද සම්මත විය.

මෙම පනත් කෙටුම්පත අපරාධයකින් උත්පාදිත දේ ආපසු ගැනීම සඳහා විධිවිධාන සැලැස්වීමට ද අපරාධයකින් උත්පාදිත දේ විමර්ශනය කිරීම, තහනම් කිරීම, රජය සතු කිරීම සහ බැහැර කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද තහනමට ගන්නා ලද අපරාධයකින් උත්පාදිත දේ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ද අපරාධයකින් උත්පාදිත දේ කළමනාකරණ අධිකාරිය පිහිටුවීම සඳහා ද අපරාධයකින් උත්පාදිත දේ අය කර ගැනීමට අදාළව අන්තර් නියෝජ්‍යායතන සහයෝගිතාව සහ ජාත්‍යන්තර සහයෝගිතාව සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතක් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT