Home » පෞද්ගලික අංශයේ අවම වැටුප රු: 27,000ට නංවයි

පෞද්ගලික අංශයේ අවම වැටුප රු: 27,000ට නංවයි

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

නුවන් කොඩිකාර

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම මාසික වේතනය අප්‍රේල් 01 වැනිදා සිට රුපියල් 17,500 සිට රුපියල් 27,000/- දක්වා රුපියල් 9,500කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ජාතික අවම දෛනික වේතනය රුපියල් 700සිට රුපියල් 1,080 දක්වා රුපියල් 380කින් ඉහළ නැංවීමටත් අනුමැතිය හිමිවූ බව හෙතෙම කීවේය.

ඊට අමතරව ජාතික අවම මාසික වේතනය එළැඹෙන ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27,000 සිට රුපියල් 30,000දක්වා රුපියල් 3,000කින් ඉහළ නැංවීමටත්, ජාතික අවම දෛනික වේතනය රුපියල් 1,080සිට රුපියල් 1,200 දක්වා රුපියල් 120/-කින් ඉහළ නැංවීමටත් අනුමැතිය හිමි වූ බව ඒ මහතා කියා සිටියේය.

2025 අය-වැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර ඒ අනුව, පහත සඳහන් පරිදි ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් කම්කරු ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඇමැතිවරයා පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT