රාජ්‍ය සේවය සඳහා 18,853 දෙනෙක් බඳවා ගැනීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ.එච්.එන්.එච් අබයරත්න මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන Ò2025 අය වැය මඟින් යෝජිත රැකියා විරහිත උපාධිධාරින් සහ තරුණ තරුණියන් 30,000ක් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ වැඩපිළිවෙළ යටතේ නියමිත බඳවාගැනීම් පටිපාටිවලට අනුකූලව අයදුම්පත් කැඳවා එකී බඳවාගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යාංශ විසින් කඩිනමින් පියවරගත යුතු බවට ඇමැති මණ්ඩලය තීරණය කළ බව ඇමැතිවරයා පැවැසීය.
දේශපාලන බලපෑම්වලින් තොරව කුසලතා සහ සුදුසුකම් මත පමණක් පදනම්ව, රාජ්‍ය අංශය සඳහා බඳවාගැනීම් සිදු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව හෙතෙම කීවේය.
කොවිඩ් – 19 වසංගතය සහ මෑතකාලීන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරින් සහ තරුණ තරුණියන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබීමත්, පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයත් සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000ක් පිරවීම සඳහා 2025 අය වැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කරන ලද අය වැය යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙන බව ඒ මහතා කියා සිටියේය.
රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල කාර්යමණ්ඩල නැවත සමාලෝචනය කර, අත්‍යවශ්‍ය බඳවාගැනීම් සිදු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කර ඇති බව ඇමැතිවරයා පැවැසීය.
එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව මේ වන විට රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් 18,853ක් සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙන බව ජයතිස්ස මහතා සඳහන් කළේය.