77
කොළඹ – මීගමුව මාර්ගයේ සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසලක සිටි පුද්ගලයකුට ඊයේ (08) පෙරවරු 8.30ට පමණ වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලියනගේමුල්ල, සීදූව පදිංචිව සිටි ජූඩ් නිමල් සුසන්ත ප්‍රනාන්දු 51 නමැත්තෙකි,
මෙම පුද්ගලයා ඔහුට අයත් මහන යන්ත්‍ර උපාංග අලෙවිසලේ සිටියදී එහි පැමිණි පුද්ගලයකු විසින් වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.