Home » කෙහෙළියගෙන් CIDයට පැයක ප්‍රකාශයක්

කෙහෙළියගෙන් CIDයට පැයක ප්‍රකාශයක්

by chanaka
April 9, 2025 3:29 pm 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(09) උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැයකට පමණ ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබුණි.

ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව මෙලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද දැනුම්දීමට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද උදෑසන 09.30 ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර ඊට අදාළව ඔහු පසුගිය කාලයේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමකට ලක් විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT