Home » මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරියෙකු වෑන් රථයකට යටවී මරුට

මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරියෙකු වෑන් රථයකට යටවී මරුට

by chanaka
April 9, 2025 9:12 am 0 comment

නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයකදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.

බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට ධාවන වූ වෑන් රථයක් රියදුරුට පාලන කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ග බාධකයේ ගැටීමෙක් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.

අනතුරින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ පුද්ගලයෙකු තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ රස්නායකපුර පොලීසියට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්වේ.

අනතුර සම්බන්ධයෙන් වෑන්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරු බීමත්ව සිටි බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT