Home » ඇමරිකානු සමාගම් 12 ක් චීන වාණිජ අමාත්‍යාංශය විසින් අපනයන පාලන ලැයිස්තුවට ඇතුලත් කෙරේ

ඇමරිකානු සමාගම් 12 ක් චීන වාණිජ අමාත්‍යාංශය විසින් අපනයන පාලන ලැයිස්තුවට ඇතුලත් කෙරේ

by chanaka
April 9, 2025 6:13 pm 0 comment

ඇමරිකානු සමාගම් 12ක් අපනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කරන බව චීන වාණිජ අමාත්‍යාංශය අද(9) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එම නිවේදනයේ සඳහන් පරිදි, චීන මහජන සමූහාණ්ඩුවේ අපනයන පාලන නීතිය සහ ද්විත්ව භාවිත අයිතම අපනයන පාලනය පිළිබඳ රෙගුලාසිවලට අනුව යමින්, ජාතික ආරක්ෂාව හා අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ අවි නිර්ව්‍යාප්තිය පිළිබඳ සිය ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීම සඳහා, ඇමරිකානු Photonics සමාගම ඇතුළු සමාගම් 12ක් අපනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කෙරේ.

නිවේදනය 10වැනිදා 12:01ට බලාත්මක ය.

මේ අතර Shield AI,Inc., Sierra Nevada, Cyberlux, Edge Autonomy Operations, Group W, Hudson Technologies යන ඇමරිකානු සමාගම් හය විශ්වසනීය නොවන ඒකකවල නාමාවලියට ඇතුලත් කර ඇතැයි ද අදාල නිවේදනයේ දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT