ගාසා තීරයේදී ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන් 15 දෙනකු ඝාතනයට ලක්වීම සම්බන්ධව පලස්තීන රතු කුරුස සංවිධානය ජාත්‍යන්තර ස්වාධීන පරික්ෂණයක් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ තුවාල ලබා සිටි පිරිසකට සහාය වීම සඳහා පසුගිය මාසයේ 23 වැනිදා දකුණු ගාසා තීරයේ රෆා නුවර බලා යමින් සිටියදි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඔවුන් ගමන් කරමින් සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් මෝටර් රථයක් සහ ගිලන් රථ ඇතුළු රථ පෙළ ඉලක්ක කරමින් වුවමනාවෙන්ම ප්‍රහාරය එල්ල කළ බවටත්, එය පූර්ණ යුද අපරාධයක් බවටත් චෝදනා කරමින් පලස්තීන රතු කුරුස සංවිධානයේ සභාපති යූනිස් අල් කාතිබ් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයට සැබෑ හේතුව සොයා බැලීමට සහ ඊට වගකිවයුතු පාර්ශ්ව හඳුනා ගැනීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බවය. මේ අතර වෛද්‍ය කණ්ඩායම ඉලක්ක කරමින් සිය සෙබළුන් ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පිළිගෙන ඇතැයි ද, එය වැරදීමකින් සිදුවූ ප්‍රහාරයක් බව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඊශ්‍රායල ප්‍රහාරයෙන් සෞඛ්‍ය සේවකයන් මියයෑම:
රතු කුරුස සංවිධානය ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි
by mahesh
April 9, 2025 4:00 pm
0 comment
94