Home » සාලා එන්ටර්ප්‍රයිසස් ප්‍රථම වරට AI පරිගණක උපාංගයක් හඳුන්වා දෙයි

සාලා එන්ටර්ප්‍රයිසස් ප්‍රථම වරට AI පරිගණක උපාංගයක් හඳුන්වා දෙයි

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

දශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නවෝත්පාදනයේ පුරෝගාමියකු වන සාලා එන්ටර්ප්‍රයිසස් (Sala Enterprises), සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘත්‍රිම බුද්ධි (AI) පරිගණක උපාංගය Emark AI Mouse නමින් හඳුන්වා දෙන ලදි. EMark AI Mouse යනු හුදෙක් යොමු කිරීමේ උපකරණයක් පමණක් නොවේ, එය බුද්ධිය පිරිනමන සහායකයෙකි. ඒ අනුව ඵලදායිතාව, නිර්මාණශීලිත්වය සහ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇති පුළුල් මෙවලමක් වන අතර, එය හඬ ටයිප් කිරීමේ සිට බහු භාෂා පරිවර්තනය, රූප නිර්මාණය සහ OCR හැකියාවන් දක්වා විශේෂාංග වේ. එය නවීන පරිශීලකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරාලයි.

ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාවට කෘත්‍රිම බුද්ධියෙන්

ක්‍රියාත්මක පරිගණක මවුසයක් හඳුන්වාදීමේ උපායමාර්ගික වැදගත්කම පැහැදිලි කරන සාලා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ චින්තක විජේවික්‍රම මහතා,

“රාජ්‍ය සහ පෞද්ගලික ආයතනික අංශ හරහා වර්ධනය වන ඩිජිටල්

පරිවර්තනය සමඟ Emark AI Mouse යනු කාර්යක්‍ෂමතාව වැඩි කරන, බහු භාෂා

සන්නිවේදනයට සහාය වන සහ වෘත්තිකයන්ට, සිසුන්ට සහ රජයේ ආයතනවලට AI මත පදනම් වූ ස්වයංක්‍රීයකරණය හඳුන්වා දෙන කාලෝචිත නවෝත්පාදනයක්. මෙම තාක්ෂණය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් නවීකරණය කිරීමේ දැක්ම සමඟ සමපාත වන අතර, ඉහළ මට්ටමේ පරිපාලනය, රාජ්‍ය අංශයේ

කාර්යක්ෂමතාව සහ ජාතික ඩිජිටල් මුලපිරීම් සඳහා වටිනා මෙවලමක් ලෙස සේවය කළ හැකි බව අපේ විශ්වාසයයි.”

චින්තක විජේවික්‍රම මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ “Emark AI Mouse

හඳුන්වාදීම අපගේ සමාගමට පමණක් නොව ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණ

ක්ෂේත්‍රයට ද සුවිශේෂී සන්ධිස්ථානයක්. මෙම නව්‍ය උපාංගය කෘත්‍රිම බුද්ධියේ බලය උපයෝගී කර ගනිමින් පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කරනවා, ඵලදායිතාව විධිමත් කරනවා. ඒ වගේම ඩිජිටල් වේදිකා සමඟ බාධාවකින් තොරව අන්තර්ක්‍රියා කිරීමට පහසුකම් සපයනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ පුද්ගලයන් ඩිජිටල් යුගය වැලඳ ගැනීමට උත්සාහ කරන විට, Emark AI Mouse පරිශීලකයන් සවිබල ගැන්වීමට සහ ඔවුන්ගේ තාක්ෂණික කටයුතු ප්‍රශස්ත කිරීමට නිර්මාණය කර ඇති අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස කැපී පෙනෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT