ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහනවල නිෂ්පාදකයා විසින් සපයන උපාංග (Original Equipment) ක්ෂේත්‍රයට පිවිස වසර හයක කාලය තුළ සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් මෙරට වේගයෙන් වර්ධනය වන මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය තුළ අගය එකතු කිරීමේ කාර්යයට සැලකිය යුතු දායකත්වයක් සපයන ආයතනයක් බවට පත්ව තිබේ. දේශීයව නිෂ්පාදනය කරන ලද සියැට් ටයර් දැන් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහන සන්නාම 11ක් සඳහා නිෂ්පාදකයා විසින් සපයන උපාංග ලෙස භාවිත වේ. ඒ අතරට SUV වාහන, මෝටර් රථ, බස් රථ, ලොරි, පිකප් ට්‍රක් රථ, යතුරුපැදි සහ ස්කූටර් අයත් වන බව සමාගම පවසයි. මෙම ටයර් බොහොමයක් නිර්මාණය කර ඇත්තේ වාහන නිෂ්පාදකයින්ගේම පිරිවිතරයන්ට අනුකූල වන ආකාරයටයි. ශ්‍රී ලංකාවේ එකලස් කරන බස් රථ මාදිලි 16ක් සහ යතුරුපැදි මාදිලි පහක් ද ඇතුළුව වාහන මාදිලි 30ක් සඳහා සියැට් ටයර් සවි කරනු ලැබේ.
සියැට් කැලණි සමාගම දැනට දේශීය වාහන එකලස් කිරීමේ කර්මාන්තයට වාර්ෂිකව නිෂ්පාදකයා විසින් සපයන (OE) ටයර් 150,000කට වඩා සපයන අතර මේ තුළින් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහනවලින් සියයට 90කටත් වඩා ආවරණය කරයි. දේශීය වෙළඳපළේ අලෙවි වන මුළු සියැට් ටයර් සංඛ්‍යාවෙන් සියයට 12ක් ම OE අංශයට සැපයේ.
“නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ කාර්ය සාධනය පිළිබඳව මෝටර් රථ
නිෂ්පාදකයින්ගේ විශ්වාසය මත ඇති කරගත් OEM හවුල්කාරීත්වයන් සියලුම ටයර් භාවිත කරන්නන්හට අතිශයින්ම වැදගත් වනවා” යනුවෙන් සියැට් කැලණි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා පැවසීය. “මෙම
හවුල්කාරීත්වයන් පදනම් වී ඇත්තේ අපගේ ටයර් පිළිබඳ විශේෂඥයින් විසින් කරන ලද දැඩි ඇගයීම් මත වන අතර සෑම වර්ගයකම වාහනවල තාක්ෂණික අවශ්‍යතා සපුරාලීමට සියැට් සතු හැකියාව මතයි.” OEM ව්‍යාපෘති හරහා සියැට් තම නිෂ්පාදන හැකියාවන් වැඩිදියුණු කර ගන්නා අතර ගෝලීය තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල සහ දේශීය අවශ්‍යතා සපුරාලීම සඳහා නිෂ්පාදන සකස් කරන බව ඔහු තවදුරටත් පැවසීය.