Home » ශ්‍රී ලාංකික Visa කාඩ්පත් හිමියන් සඳහා විශේෂ දීමනා

ශ්‍රී ලාංකික Visa කාඩ්පත් හිමියන් සඳහා විශේෂ දීමනා

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

ඩිජිටල් ගෙවීම් පිලිබඳ ගෝලීය ප්‍රමුඛතම ආයතනය වන Visa සමාගම (NYSE: V), ශ්‍රී ලංකාවේ Visa කාඩ්පත් හිමියන්ට මෙම සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වඩාත් උත්සවශ්‍රීයෙන් සැමරීම සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත. Visa ඩිජිටල් ගෙවීම් සඳහා ආරක්ෂාව සහ පහසුව වඩාත් ශක්තිමත් කරන අතරම පාරිභෝගික අත්දැකීම ඉහළ නංවනු ඇත. පාරිභෝගිකයින්ට අවුරුදු සමයේ මිලදී ගැනීම් සඳහා ගෙවීම් කිරීමට ඔවුන්ගේ Visa කාඩ්පත් tap කිරීමෙන් ශ්‍රී ලංකාව පුරා ප්‍රමුඛ පෙළේ වෙළඳසැල් රාශියකින් දීමනා සහ වට්ටම් (offers and discounts) ලබා ගත හැකිය.

Visa ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා කළමනාකාරිනී වන අවන්ති කොළඹගේ මහත්මිය මේ පිළිබඳ පවසා සිටියේ “සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අපි ඉතා ආදරයෙන් පිළිගන්නා අතර ශ්‍රී ලංකාවේ මිලියන සංඛ්‍යාත Visa කාඩ්පත් හිමියන්ට වඩාත් ප්‍රතිලාභදායක, බාධාවකින් තොරව සාප්පු සවාරි අත්දැකීම් ලබා දීමට හැකිවීම පිලිබඳ සතුටු වන බවයි. අපගේ පුළුල් වෙළඳ හවුල්කරුවන්ගේ ජාලය සහ සිල්ලර වෙළෙඳසැල්, අවන්හල්, සංචාර සහ ජීවන රටා සඳහා අදාළ උත්සව මිලදී ගැනීම් සඳහා විශිෂ්ට දීමනා ලබා දී හොඳම වටිනාකමක් ලබා දීම අපගේ අරමුණ වේ. ‘සිංහල සහ හින්දු අලුත් අවරුදු සමයේදී පාරිභෝගික ක්‍රියාකාරකම් සහ උත්සව වැඩිවීම නිසා පාරිභෝගිකයින් වැඩි වශයෙන් වියදම් කරන බැවින් ආහාරපාන, සංචාරක සහ ජීවන රටා වැනි කාණ්ඩවල මිලදී ගැනීම්වල වැඩිවීමක් සිදුවේ. එබැවින් Visa කාඩ්පත් හිමියන් තම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් Tap කර ගෙවීම් කිරීමේදී ඔවුන්ගේ මිලදී ගැනීම් සඳහා අමතර වටිනාකමක් ලබා දීමට VIsa විසින් ලබා දෙන දීමනා පුළුල් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT