123
ඇමරිකාවේ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පක්ෂ නායකයන් අතර විශේෂ හමුවක් හෙට (10) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
අදාල තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් අවශ්‍ය යැයි ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම පක්ෂ නායක හමුව කැඳවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ඒ අනුව මෙම විශේෂ පක්ෂ නායක හමුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී හෙට පෙරවරු 11ට පැවැත්වීමට නියමිතය.
අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අද උදෑසන විරුද්ධ පක්ෂ නායකයින් 12 දෙනෙකු මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව ඉල්ලා සිටි බවයි.