546
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය තරුණයාගේ සිරුර යළි ගොඩ ගෙන ත්‍රී පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් හමුවේ යලි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(09) නියෝග කළේය.
ඉකුත් 1 වැනිදා රාත්රියේදී නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි තරුණයකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමෙන් පසු මිය ගියේය. මෙලෙස මිය ගියේ මීගස්කිවුල මොරහෙල පදිංචිව සිටි සත්සර නිමේෂ් (25) නමැති තරුණයෙකි.
එම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සිදු කරනු ලබයි.