අප ජීවත්වන්නේ තොරතුරු සුලබ යුගයක ය. පෙර කාලවල තොරතුරු නිෂ්පාදනය සහ බෙදා හැරීම මාධ්‍යවේදීන්, ලේඛකයන්, පූජකයින් සහ දේශකයින් වැනි සුළු පිරිසක් අත පැවති අධිකාරියක් විය. සමාජ මාධ්‍ය සුලබ මේ යුගයේ තොරතුරු නිෂ්පාදනය සහ බෙදාහැරීමට ඇති බලය විමධ්‍යගත වී ඇත.
යම් සිද්ධියක් සිදුවන වහාම ඒ පිළිබඳ තොරතුරු සියල්ල විශ්ලේෂණය කිරීමට හෝ ලබාගත් තොරතුර ධාරණය කරගෙන ඒ පිළිබඳ ප්‍රතිචාර දැක්වීමට කල් නොමරා ක්ෂණිකව සිය අදහස් සමාජ මාධ්‍යගත කිරීමට බොහෝ දෙනා නොපැකිළෙයි. ඕනෑම සිද්ධියක් සිදුවූ විට මෙසේ දක්වන ක්ෂණික ප්‍රතිචාර බොහෝවිට ධ්‍රැවීකරණය වන ස්වභාවයක් දැක ගත හැකි ය. සිද්ධියක ඇති සංකීර්ණභාවය සහ විවිධ දෘෂ්ටිකෝණයන් සැලකීමට වඩා සිය මතය තහවුරු වන අදහස් එකට ගොනු කරමින් එවැනි අදහස් දරන අය එකට පොදි බැදෙමින් මතවාද වල එල්බෙන බව පෙනී යයි. එවා තවදුරටත් ව්‍යාප්ත කරනු පෙනෙයි.
මෙහිදී සත්‍යය යනු කුමක්ද යන්නට වඩා තමන් විශ්වාස කරන සහ භාවාත්මකව තමන්ට දැනෙන සහ කිට්ටු දේ වෙනුවෙන් පෙනී සිටීමට බොහෝ පිරිස් මැලි නොවේ. මෙහිම දිගුවක් ලෙස භාවාත්මකව අනෙකා මෙහෙයවන දේශපාලනය සහ අනන්‍යතා දේශපාලනය සිදුකිරීම දකින්නට ලැබේ. සැබවින්ම සන්නිවේදනය දේශපාලනික ය.
මෙහිදී සත්‍ය යනුවෙන් අදහස් කරන්නේ නිරපේක්ෂ පරම සත්‍යයක් ඇති බව නොවේ. ද්විකෝටික සත්‍යයක් පිළිබඳ විශ්වාසය පහළවන්නේ බටහිර ලෝකයේ ය. බුද්ධාගම ආශ්‍රිත පෙරදිග චින්තනයේදී සත්‍යය චතුස්කෝටික වන අතර, බුදුන්ගේ දේශනාවේ, සම්මුති සත්‍යය, පරමාර්ථ සත්‍යය සහ ආර්ය සත්‍යය වශයෙන් සත්‍යයන් තුනක් කතා කෙරේ. බටහිර සත්‍යය හරි-වැරදි/ ගැහැණු-පිරිමි/ කළු-සුදු සහ මනස-ශරීරයවැනි පරස්පරතාවන් සමඟ පවතින අතර, ඒවා විසින් එකිනෙකට අර්ථ සැපයුවත් ඒවා වෙන් වෙන් ප්‍රභේද ලෙස පවතී. සත්‍යය පිළිබඳ පෙරදිග අදහස මීට වඩා සංකීර්ණ වන අතර එය අපේ භාෂා භාවිතය සහ චින්තනය සමඟ බැඳී පවතී (Nakamura,1968).
නමුත් සත්‍යය පිළිබඳ තීරණයකට එළඹෙන ආකාරයත් සමාජයෙන් සමාජයට මෙන්ම කාලයත් සමඟ වෙනස් වේ. යටත්විජිතකරණය හා යුරෝකේන්ද්‍රීය අධ්‍යාපනය හරහා අප සමහරක් බටහිර චින්තනයන් අපේ පවතින චින්තන පද්ධතීන් වලින් පෙරා සමාජගත කරගෙන තිබුණද, භාෂාව සහ සංස්කෘතික පුහුණුව නිසාම ලාංකීය අපගේ සත්‍යය පිළිබඳ දැක්ම වෙනස් පැතිකඩක් ගනී. කරුණු මත පමණක් නොව විශ්වාසය, ඉව, සාරධර්ම සහ තවත් “විද්‍යාත්මක ක්‍රමයට” අනුව ඔප්පු කළ නොහැකි කාරණා මත සත්‍යය පිළිබඳ අපගේ දැක්ම සකස් වී තිබේ. කරුණු මත පදනම්ව සැමට එකඟ විය හැකි තීරණ ගැනීම සමාජ වටිනාකමක් වන්නේ මධ්‍යතන බටහිර සමාජයේ ය. එය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතා වටිනා ස්ථම්භයකි.
කෙසේවෙතත්, අප ජීවත් වන්නේ කරුණු, දත්ත බවටත්, දත්ත සුලබ තත්ත්වයකටත් පත්වූ සමාජයක ය. දත්ත යනු සත්‍යය නොවේ (එක් නිරපේක්ෂ සත්‍යයක් ඇති බව මින් අදහස් නොවේ). දත්ත විසින් සත්‍යයන් නිරූපණය කරනවාට වඩා සත්‍යයන් දත්ත බවට පත්කරන ක්‍රියාවලිය තුළ “සත්‍යය” ප්‍රතිනිර්මාණය කිරීමට හැකියාවක් තිබේ. මේ ක්‍රියාවලිය තුළ බහුවිධ දත්ත සහ සත්‍යයන් නිර්මාණය වන අතර, දත්ත හා ගනුදෙනු කිරීම සහ සත්‍යය තෝරාගැනීමේ විශාල අභියෝගයකට පුද්ගලයින් මුහුණපා තිබේ. මෙම කාර්යය ඉතා සංකීර්ණ වනවා සේම දත්ත සපයන මාධ්‍යය පිළිබඳවද තෝරාගැනීමක් පුද්ගලයින්ට තිබේ. විදත් සහ මුද්‍රිත මාධ්‍ය පාක්ෂික වන අතර තමන්ගේ හැඟීම් සහ පෞද්ගලික මතවාද තහවුරු කරන මාධ්‍ය තෝරාගැනීමට මෙම තොරතුරු සුලභ යුගයේදී පුද්ගලයාට හැකියාවක් ලැබී තිබේ. සමාජමාධ්‍ය වල තත්ත්වය මීටත් වඩා නරක ය. ඒ තුළ එකම නිවසේ පුද්ගලයින් දෙදෙනෙකුට ලැබෙන දත්ත එකම නොවිය හැකි ය. එකම කාරණය පිළිබඳව වුවද දෘෂ්ඨිකෝණ වෙනස්ව දත්ත පැවතිය හැකි ය. මේ දත්ත බොහෝ විට තමන්ගේ මතය සහ “කඳවුර” තුළ වන දත්ත වලින් එහාට ගිය “සත්‍යයක්” නොවේ.
ඕනෑම පුද්ගලයකුට සත්‍යය ලෙස සමාජ මාධ්‍ය තුළ තහවුරු වන අදහස තමන් විසින් තෝරාගත් සමාජමාධ්‍ය පිටු, පුද්ගලයින්, සහ එම පුද්ගලයින් සමාජ මාධ්‍ය තුළ අත්පත් කරගෙන ඇති ජනප්‍රියත්වය වැනි බොහෝ දේ මත පදනම් වූ ඇල්ගොරිදමයකට අනුව විය හැකි ය. අපට මේ මාධ්‍ය තුළ අසීමාන්තික තෝරාගැනීමේ අයිතියක් ඇතුවා මෙන්ම නොහැකියාවක්ද එකට පවතී. දත්ත ලබා ගැනීමට අපට බහුවිධ මාධ්‍ය ඇතුවාක් මෙන්ම දත්ත නිර්මාණය හා ප්‍රතිනිර්මාණය කිරීමටද අප හැමෝටම වැඩි අවස්ථාවක් සමාජ මාධ්‍ය ඔස්සේ හිමිවී තිබේ. මෙසේ දත්ත බහුල යුගයේ අප දත්ත නිර්මාණය සහ ප්‍රතිනිර්මාණය කරන සෑම අවස්ථාවකම නැවත නැවත සත්‍යය නියෝජනය කිරීම හා නිර්මාණය කිරීම සිදුවේ.
වර්තමානයේ පවතින කරුණු මත පදනම් වූ සත්‍යය පිළිබඳ අදහස මෙන්ම පශ්චාත් – සත්‍යය පිළිබඳ අදහසද පැන නඟින්නේ යුරෝපය සහ අමෙරිකාව ආශ්‍රිතව ය. සංකල්පයක් ලෙස අපගේ රටවල තත්ත්වය තේරුම් ගැනීමට සෘජුව එය ආදේශ කරගත නොහැක්කේ එබැවිනි. 2016 වසරේදී ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය විසින් වසරේ වචනය ලෙස නම් කරන්නේ Pos t-truth යන වචනය යි. එයට හේතුව වන්නේ pos t-truth politics යන්න 2016 අෙමරිකාවේ ජනාධිපතිවරණය සහ Brexit ජනමතවිචාරණය ආශ්‍රිතව වැඩි වශයෙන් භාවිතා වීම යි. මෙම වචනයෙහි ඔක්ස්ෆර්ඩ් නිර්වචනයට අනුව පොදු ජනමතය තීරණය කිරීමේදී හැඟීම් සහ පෞද්ගලික විශ්වාසයන්ට කෙරෙන ආමන්ත්‍රණය කිරීම් තරම් තහවුරු කරගත් කරුණු බල නොපාන බව යි.
ඇඩම් කර්ටිස්ගේ පශ්චාත් සත්‍යය ලෝකය පිළිබඳව වන වාර්තා චිත්‍රපටයට අනුව “අප ජීවත් වන්නේ බලවත් අය අපව රවටන ලෝකයක ය. ඔවුන් බොරු කියන බව අපි දනිමු. ඔවුන් බොරු කියන බව අප දන්නා බවද ඔවුන් දනී. ඔවුන් එය ගණන් ගන්නේ නැත. අපි කියන්නේ අපි ගණන් ගන්නා බව යි. එනමුත් අපි කිසිවක් නොකරමු. කිසිවක් වෙනස් නොවේ. එය සාමාන්‍යයක් වී ඇත”.
අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කතාවල දක්වන කරුණු වලින් 70% ක්ම අසත්‍ය නොහොත් ගල් පැලෙන බොරු බව දේශපාලන විචාරකයන් සඳහන් කරයි. ඔහු ඉදිරිපත් කරන කාරණාවල ඇති අතාර්කික පුහුබව පෙනෙන්නට තිබුණත් ඔහු බලය අත්පත් කරගෙන තිබේ. බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව වැනි රටවල් වල රාජ්‍ය නායකයින් සම්බන්ධවද තත්ත්වය මෙවැනි බව දේශපාලන විචාරකයින් සඳහන් කරයි.
කෙසේවෙතත්, මේ යුගයේ දේශපාලනය සම්බන්ධයෙන් මේ තත්ත්වය බලපාන්නේ කෙසේද? පොදු ජන විඤ්ඤාණය සකස්වීමේදී කරුණු මත පදනම් වූ සත්‍යය තව දුරටත් බලපාන්නේ කෙසේද? දත්ත බහුල වීම නිසාම තවදුරටත් කරුණු වලින් නියෝජනය කරන සත්‍යයට පොදු ජන විඤ්ඤාණය සකස් කිරීමට ඇති හැකියාව අඩු වී තිබේ. මේ නිසාම ලෝකය පුරාම දක්ෂිණාංශික ජාතිවාදී දේශපාලන රැල්ලක් ඇති වී තිබෙන අතර එම ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ යෙදෙන්නන් කරුණු සහ තර්ක වලට කාලය වැය නොකර පොදු ජනයාගේ හැඟීම සහ මති මතාන්තර වලට ආමන්ත්‍රණයක් කරනු දක්නට ලැබේ.
පශ්චාත් සත්‍යය දේශාපාලනයේ යෙදන මේ බොහෝ අයෙක් තාමත් භාවිතා කරන්නේ පැරණි, භාවිතයෙන් තහවුරු වූ දේශපාලන උපක්‍රමයකි. එනම්, බෙදා වෙන් කර පාලනය කිරීමයි (divide and rule). ජාතිවාදය, සංක්‍රමණික සේවකයින් පිළිබඳ භීතිකාව, සමලිංගික පුද්ගලයින් කෙරෙහි වන භීතිකාව, නාගරික දිළිඳු ප්‍රජාව පිළිබඳ වන භීතිකාව, ආගමික සහ කුල ධූරාවලිය වැනි සමාජය තුළ දැනටමත් ඇති හෝ පෝෂණය කළ හැකි අනාරක්ෂිතභාවයන් යොදාගැනීම බොහෝ රටවල මේ කාලයේ දක්නට ලැබේ. මේ සමාජ අනාරක්ෂිතභාවයන් වලට අමතරව ආර්ථික සහ යටිතල පහසුකම් වර්ධන ඉල්ලක්කයන්/බටහිර “සංවර්ධිත” රටවල් වගේ වීමේ හීනත් එහිදී අඩුවැඩි වශයෙන් භාවිතා වේ.
කෙසේවෙතත් මේ සමාජ අනාරක්ෂිතභාවයන් නිසාම ජනතාව “ජාතික ආරක්ෂාව” වෙනුවෙන් පුද්ගල නිදහස කැපකිරීමට සූදානම් ය. රාජ්‍ය යාන්ත්‍රණය සහ ධනවාදය එක්ව ගොඩනැඟූ ස්වයං විනයානුකූල සමාජයම තවත් පියවරක් ඉස්සරහට තියලා තමන්ව විනයානුකූල කරන ලෙස ඉල්ලන සමාජයක් බවට විකාශනය වෙයි. පෞද්ගලිකත්වය වෙනුවට රාජ්‍ය අවේක්ෂණය (government surveillance) ඉල්ලීමට මිනිසුන් පෙළඹෙයි. විශ්වවිද්‍යාල සහ පොදු ස්ථානවල සීසීටීවී කැමරා සාධාරණීයකරණය කිරීම වැනි දෑ ඊට නිදසුන් ය.
මෙම අකාරයේ මෙම පශ්චාත් සත්‍යය දේශපාලනයේ යෙදෙන්නන් විසින් පොදු ජන විඤ්ඤාණය තුළ මුල් බැසගත් ආගමික විශ්වාසයන්, සංස්කෘතික සහ සමාජගත ආකල්පයන් වලට ආමන්ත්‍රණය කිරීම හරහා මෙම පශ්චාත් සත්‍යය දේශපාලනයේ නිරත වෙයි.
මේ කරුණු සියල්ලම තුළ සත්‍යය යනු අවලංගු දෙයක් බවට පත්ව තිබෙන්නකි. මෙහිදී වැදගත්ම දේ නම් කරුණු පමණක් නොව ඒ සමඟ සාරධර්ම, සමාජ හර පද්ධතීන් සහ හැඟීම් පවා වෙනස්වන බව /වැදගත් නොවන බව යි. මෙම තත්ත්වය සංස්කෘතියක් බවට පත්වෙයි. රාජ්‍ය පාලනයෙදි පමණක් නොව ආයතනික සහ එදිනෙදා දේශපාලනයෙදිත් තව දුරටත් ආචාරධර්ම, කරුණු, සහ ආයතනික හර පද්ධතීන් නොවැදගත් ය.
මේ කාලයේ පුද්ගල ප්‍රතිරූප ගොඩනඟා ගැනීම සඳහා මිනිසුන් තමන්ගේ පෞද්ගලික ජීවිත සමාජ මාධ්‍ය වල අනාවරණය කරන ආකාරය දැකීමෙන් මේ පශ්චාත් සත්‍ය කතිකාවත හඳුනා ගැනීමට හැකි ය. රූපවාහිනී සහ යූ ටියුබ් සාකච්ඡා වලට පැමිණෙන බොහෝ ආරාධිතයින් තමන්ගේ ජීවිතය පිළිබඳ දුක්ඛදායී කතාවක් ඉදිරිපත් කරයි. මේ හරහා භාවාත්මකව ප්‍රේක්ෂකයින් කොනිත්තා ආකර්ෂණය කරගැනීමේ ස්වභාවයක් දකින්නට හැකි ය. නෙට්ෆ්ලික්ස් හි විකාශනය වන සත්‍ය කතාවක් ඇසුරෙන් කළ Apple cider vinegar නම් කතා මාලාව බලන කෙනෙක්ට මේ පීඩිත අනන්‍යතාවය උලුප්පා සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වීමේ සහ මුදල් හම්බ කිරීමේ ස්වභාවය දැක ගත හැකි ය. මේ පශ්චාත් සත්‍ය යුගය මෙසේ මිනිසුන් භාවාත්මකව මෙහෙයවීමේ හැකියාව ඇති සමාජ විරෝධී පෞර්ෂයන් ඇති අයට රඟ මඩලක් වැනි යැයි විද්වතුන් තර්ක කරන්නේ එබැවිනි.
කරුණු මත පදනම්ව තීරණ ගැනීමට සමාජය පෙළඹීමත් සමඟ මානව සංහතියේ විශාල විකාශනයක් සිදුවෙයි. කරුණු වලින් ඔබ්බේ තීරණ ගන්නට පටන්ගන්නා මේ සංස්කෘතිය තවත් මානව සමාජයේ විකාශනයක් කරන්න නියමිත ය. ඒත් එය කුමන අතට ගමන් කරනවාද යන තීරණය ගන්නට සමාජයක් ලෙස අපට වගකීමක් තිබේ. සමාජයේ යහපත් වෙනසක් බලාපොරොත්තු වෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ යෙදෙන දක්ෂිණාංශික සහ ජාතිකත්ව නොවෙන කණ්ඩායම් තාමත් කරුණු සහ තර්කනය මත පදනම්ව ක්‍රියාකිරීමෙන් ජනතාව දිනාගැනීමට බලාපොරොත්තු වෙයි. එය කළ නොහැකි වීමට හේතුව ජනතාවගේ නොදැනුවත්කම බව නිසා කරුණු ඉදිරිපත් කිරීම සහ සත්‍යය නිරාවරණය කිරීම ඔස්සේ දැනුවත්භාවය ඇති කළ හැකි බවත් හිතයි. නමුත් ඔබ විසින් ජනතාවට දැනුම ලබා දුන්නොත් ඔවුන් එය තමන්ට අවශ්‍ය සත්‍යය බවට පෙරළානොගන්නා බවට ඔබට ඇති තක්සේරුව කුමක්ද? සමාජ ව්‍යාපාරවල මුහුණුවර කෙසේ විය යුතුද? ඒවා පවත්නා ක්‍රමය තුළ දිය නොවෙන්නටනම් කළ යුත්‍තේ මොනවාද? ප්‍රචණ්ඩත්වයෙන් තොරව පවත්නා ක්‍රමය වෙනස් කළ හැකිද? එසේනම් ඒ සඳහාවන සමාජ ව්‍යාපාර ගොඩනැඟීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? මේ යුගය උත්තර බහුල මුත් විචාරාත්මක ප්‍රශ්න ඇසීම දුලබ යුගයක් බැවින් අප මෙසේ ප්‍රශ්න ඇසීමට පටන් ගැනීම ද ඉතා වැදගත් බව අවධාරණය කළ යුතු ය.
අචාර්ය කෞෂල්‍යා හේරත්