ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ පිහිනුම් ශූරතාවලිය 2025 අප්‍රේල් 5 වන දින පනාගොඩ යුද හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් පිහිනුම් තටාකයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය සහ ලේකම් කර්නල් සුජිත් ජයසේකර විසින් කරන ලද ආරාධනයකට අනුව, හිටපු යුද හමුදාධිපති ජෙනරාල් දයා රත්නායක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
ත්‍රිවිධ හමුදා ප්‍රවීණයන්ගේ සංගම් 44 ක් නියෝජනය වන පරිදි විශ්‍රාමික නිලධාරීන් 55 දෙනෙකු මෙම ශූරතාවලියට සහභාගී විය. ඉන් නාවික හමුදා කිමිදුම් ප්‍රවීණයන්ගේ සංගමය ශූරයන් බවට පත් වූ අතර, පසුව හමුදා බුද්ධි ප්‍රවීණයන්ගේ සංගමය සහ හමුදා පොලිස් ප්‍රවීණයන්ගේ සංගමය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන ලබා ගැනීමට සමත්විය.
මෙහි, වයස්ගතම පිරිමි සහ කාන්තා පිහිනුම් ක්‍රීඩකයින් වූයේ ජී.පී.එන්. නානායක්කාර (73) නාවික හමුදා ප්‍රවීණයන්ගේ සංගමයෙන් සහ බී. ජයවර්ධන (69) හමුදා පොලිස් ප්‍රවීණයන්ගේ සංගමයෙන්.