Saturday, April 19, 2025
Home » රුහුණු නිල් මහ සටන ජය පරාජයෙන් තොරයි

රුහුණු නිල් මහ සටන ජය පරාජයෙන් තොරයි

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

නුවන් කොඩි­කාර සහ වැලි­ගම සමූහ - ටී.කේ. මහින්ද

මාතර සාන්ත තෝමස් සහ සාන්ත සර්වේ­ෂස් විදු­හල් අතර 125 වැනි ‘රුහුණු නිල් මහ සටන’ වාර්ෂික ක්‍රිකට් ගැටුම පසු­ගිය සති අන්තයේ මාතර උය­න්වත්ත ක්‍රීඩාං­ග­ණ­යේදී ජය පරා­ජ­යෙන් තොරව නිමා­වට පත් විය.

මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­ දුන් සාන්ත සර්වේ­ෂස් පිලේ පළමු ඉනිම ලකුණු 169කට සීමාවූ අතර, පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත තෝමස් කණ්ඩා­ය­මට පළමු ඉනිම වෙනු­වෙන් ලබා­ගත හැකි වූයේ ලකුණු 124ක් පමණි.

ලකුණු 45ක් ඉදි­රි­යෙන් සිටි­මින් දෙවැනි ඉනිම ඇරඹූ සර්වේ­ෂස් කණ්ඩා­යම කඩුලු 7කට ලකුණු 218ක් ලබා සිටි­යදී ඉනිම අත්හි­ටු­වූයේ ප්‍රති­වා­දීන්ට ලකුණු 263ක ඉල­ක්ක­යක් දෙමිනි.

වර්ෂා­වෙන් බාධා වීම හේතු­වෙන් තර­ගය නතර කරන විට සාන්ත තෝමස් පිල කඩුලු 5ක් දැවී ලකුණු 60ක් ලබා සිටි­යේය. තර­ගයේ වැඩි වාසි සාන්ත සර්වේ­ෂස් කණ්ඩා­ය­මට හිමි­කර දෙමින් මෙවර රුහුණු නිල් මහ සටන ජය පරා­ජ­යෙන් තොරව නිමා­වට පත් විය.

තර­ගයේ දක්ෂ­තම පිති­කරු ලෙස සාන්ත සර්වේ­ෂස් විදු­හලේ රවින් කවින්ත සම්මාන දිනා­ගත් අතර, දක්ෂ­තම පන්දු යවන්නා ලෙස චිරාන් චමු­දිත (සර්වේ­ෂස්) සහ දක්ෂ­තම පන්දු රකින්නා ලෙස විශ්ව සුපුන් (සර්වේ­ෂස්) සම්මාන දිනා ගත්හ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT