Home » වීර සටන 21 වැනි වර­ටත් විස­ඳුම් නෑ

වීර සටන 21 වැනි වර­ටත් විස­ඳුම් නෑ

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

කර­න්දෙ­නිය සමූහ අනු­රාධ ප්රිය­ද­ර්ශන

බළ­පි­ටිය රේවත සහ සිද්ධාර්ථ දෙවි­දු­හල් අතර පැවති වීර සටන මහා ක්‍රිකට් තර­ගය 21 වැනි වර­ටත් ජය පරා­ජ­යෙන් තොරව නිමා­වට පත්විය.

සිද්ධාර්ථ විද්‍යා­ලයේ සත්කා­ර­ක­ත්ව­යෙන් එම විදු­හල් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවති මේ තර­ග­යේදී පළ­මුව පන්දු­වට පහ­ර­ දුන් රේවත විදු­හල පළමු ඉනි­මට ලකුණු 236ක් ලබා­ගත් අතර, පිළි­තුරු පළමු ඉනිම ක්‍රීඩා කළ සිද්ධාර්ථ විදු­හ­ලට ලබා­ගත හැකි වූයේ ලකුණු 186ක් පමණි.

ලකුණු 50ක වාසි­යක් සමඟ පිටි­යට පිවිසි රේවත පිල ලකුණු 160කට දෙවැනි ඉනිම අත්හි­ටුවූ අතර, ජය­ග්‍ර­හ­ණය සඳහා හිමිවූ ලකුණු 210ක ඉල­ක්කය හඹා ගිය සිද්ධාර්ථ පිල තර­ගය නතර කරන විට කඩු­ල්ලක් දැවී ලකුණු 75ක් රැස් කර තිබිණි. මේ තර­ග­යේදී රේවත පිල වෙනු­වෙන් ගොවිදු නිසං­සල පන්දු 92කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 7ක් සමඟ ලකුණු 104ක් රුස් කළේය.

රේවත පළමු ඉනිම – 236 ඕවර (38.1) ගිම්හාන් මෙන්ඩිස් 77, කලන චමෝද් 38, සෙනික පෙරේරා 27 (කවීෂ ආබ්රෙව් 47/3, කවිනු පෙරේරා ආබ්‍රෙව් 34/2, නිරෝෂ් නිම්සර 48/2, ගයාන් ද සොයිසා 64/2) සහ දෙවැනි ඉනිම – 160/7 (ඕවර 25) ගොවිදු නිසං­සල 104 (ගයාන් ද සොයිසා 23/5, ජැක් සාක්‍ය 69/2)

සිද්ධාර්ථ පළමු ඉනිම – 186 (ඕවර 44.2) නදීෂ් නිම්සර 67, ඩිල්ෂාන් මිහි­රංග 29 (කලන චමෝද් 38/4, ගිම්හාන් මෙන්ඩිස් 51/3, සුදේෂ් මල්සර 59/2) සහ දෙවැනි ඉනිම – 75/1 (ඕවර 14) ජැක් සාක්‍ය නොදැවී 33

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT