70
දකුණු අප්‍රිකානු කඩුලු රකින පිතිකරු හෙන්රිච් ක්ලාසෙන්ට එරට ක්‍රිකට් ආයතනයේ මධ්‍යම කොන්ත්‍රාත්තුව අහිමි වී තිබේ.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය 18 දෙනකුගෙන් යුත් මධ්‍යම කොන්ත්‍රාත් ලැයිස්තුව නිවේදනය කළ අතර, පසුගිය වසරේ ජනවාරි මස ටෙස්ට් පිටියෙන් සමුගත් ක්ලාසෙන් ඉන් පසු සුදු පන්දු ක්‍රීඩාව (එක්දින හා විස්සයි20) සඳහා පමණක් කොන්ත්‍රාත්තුවක සිටියේය.
33 හැවිරිදි ඔහු විස්සයි20 ලීග් තරගාවලි සඳහා ප්රමුඛත්වයක් දෙන අතර, එරට ක්‍රිකට් ආයතනය සඳහන් කළේ හෙන්රිච් ක්ලාසෙන් සමඟ ඔහුගේ අනාගතය පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.