නුවරඑළියේදී පැවති තෙවැනි ‘පුංචි එංගලන්තයේ ක්‍රිකට් ගැටුම’ ජය ගැනීමට නුවරඑළිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය සමත් විය.
ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල සමඟ තෙවැනි වරට පැවති මේ තරගයෙන් ගාමිණී පිලට ලකුණු 70ක ජයක් අත්වූ අතර, මේ ජය සමඟ තරගය 1-1ක් ලෙස සම කර ගැනීමට ගාමිණී විදුහල් පිල සමත් විය. පසුගිය වසරේ තරගයේ ජය ශුද්ධවූ ත්‍රිත්ව පිල සතුවී තිබූ අතර, පුංචි එංගලන්ත සටනේ මංගල තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. නුවරඑළිය නගර සභා පිටියේදී පළමු වරට තෙදින තරගයක් ලෙස පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් ගාමිණී පිල පළමු ඉනිමට රැස් කළ ලකුණු 150ට පිළිතුරු ලෙස ලකුණු 156ක් රැස් කිරීමට ශුද්ධවූ ත්‍රිත්ව පිල සමත් විය. දෙවැනි ඉනිමේදී ගාමිණී පිල ලකුණු 168ක් රැස් කළ අතර, පළමු ඉනිමේ වාසිය හේතුවෙන් ත්‍රිත්ව පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කයක් හිමි විය.
ගාමිණී ම.ම.වි. පළමු ඉනිම – 150 (ඕවර 49.2) දහම් නයනජිත් 50, සදෙව් නිර්වාන් 40, සෙව්ජිත් විදුනිත 37 (ටෝනි ග්‍රේග් 51/5, ටී. සෙබස්තියන් 35/4) සහ දෙවැනි ඉනිම – 168 (ඕවර 53) සදෙව් නිර්වාන් 91, සෙව්ජිත් විදුනිත 48 (ගෝබි ක්‍රිෂ්ණන් 60/6, එස්. යතුර්ශන් 33/2)
ශුද්ධවූ ත්‍රිත්ව පළමු ඉනිම – 156 (ඕවර 34.5) ටෝනි ග්‍රේග් 44, ගෝබි ක්‍රිෂ්ණන් 34, වී. සිමියොන් 32 (ජනනු ආදිත්‍ය 44/5, එස්. තනුජන් 36/3) සහ දෙවැනි ඉනිම – 92 (ඕවර 38.1) ගෝබි ක්‍රිෂ්ණන් නොදැවී 25, ටෝනි ග්‍රේග් 21, ආර්.එස්. යතුර්ෂන් 20 (විමේෂ් ප්‍රනාන්දු 14/3, එස්. තනුජන් 21/3, ශෙහාන් ඇන්ජලෝ 25/3)