වත්තල පාපන්දු ලීග් යොවුන් කුසලාන පාපන්දු තරගාවලියේ 14න් පහළ ශූරතාව දිනා ගැනීමට බාසිලෝනා පාපන්දු සමාජය සමත් විය. අවසන් මහා තරගයේදී සපුගස්කන්ද යුනයිටඩ් පාපන්දු පිල ගෝල් 5-0කින් පරාජය කළ බාසිලෝනා ක්රීඩකයෝ තරගාවලිය පුරා විශිෂ්ට අයුරින් ක්‍රීඩා කළහ.
අවසන් පූර්ව තරගයේදී කඳාන ද මැසිනොද් පාපන්දු පිල දඬුවම් පහර 3-2කින් පරාජය කළ බාසිලෝනා පිල අවසන් මහා තරගයට පිවිසි අතර,

හොඳම ගෝල රකින්නා එච්.පී.එම්.එස්. හේවගේ
අනෙක් අවසන් පූර්ව තරගයේදී රාගම පාපන්දු සමාජය ගෝල් 2-0 කින් පරදවමින් සපුගස්කන්ද යුනයිටඩ් පිල අවසන් සටනට පිවිසියේය. බාසිලෝනා කණ්ඩායමේ එම්.සී. මැතිව්ස් 14න් පහළ කාණ්ඩයේ හොඳම ක්රීඩකයාට හිමි සම්මානය දිනාගත් අතර, එච්.පී.එම්.එස්. හේවගේ හොඳම ගෝල රකින්නා සම්මානය දිනා ගත්තේය.
මේ අතර 16න් පහළ පාපන්දු ශූරතාව දිනා ගැනීමට යංග් බීස් පිල සමත් විය. රාගම පාපන්දු සමාජය අවසන් මහා තරගයේදී දඬුවම් පහර 3-1කින් පරාජය කිරීමට යංග් බීස් පිල සමත් විය. යං බීස් කණ්ඩායමේ පැහැසර සංදීප අවුරුදු 16න් පහළ කාණ්ඩයේ හොඳම ක්රීඩකයා ලෙස සම්මාන ලැබූ අතර, එච්.ඒ.ඒ. රුවිෂාන් හොඳම ගෝල රකින්නා ලෙස සම්මාන දිනා ගත්තේය.