Home » කමි­ඳු­ලාගේ හයි­ද්‍රා­බාද් පිට පිට සිවු­වැනි තර­ග­යත් පරදී

කමි­ඳු­ලාගේ හයි­ද්‍රා­බාද් පිට පිට සිවු­වැනි තර­ග­යත් පරදී

by Gayan Abeykoon
April 8, 2025 4:11 pm 0 comment

මොහො­මඩ් සිරාජ්

අයි­පී­එල් ක්‍රිකට් තර­ගා­ව­ලියේ ප්‍රසාද ලකුණු සට­හනේ අව­සන් ස්ථාන­යට වැටී සිටින සන්ර­යි­සස් හයි­ද්‍රා­බාද් කණ්ඩා­ය­මට පිට පිට සිවු­වැනි තර­ග­යත් පරා­ජය වීමට පෙරේදා සිදු විය.

හයි­ද්‍රා­බා­ද්හිදී පැවති තර­ගා­ව­ලියේ 19 වැනි තර­ග­යේදී කමිඳු මෙන්ඩිස් ක්‍රීඩා කරන හයි­ද්‍රා­බාද් පිල පරා­ජය වූයේ ගුජ­රාට් ටයි­ටන්ස් පිල හමුවේ කඩුලු 7කිනි. මේ ජය සමඟ ප්‍රසාද ලකුණු සට­හනේ දෙවැනි ස්ථාන­යට පැමි­ණී­මට ගුජ­රාට් පිලට හැකි විය.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් හයි­ද්‍රා­බාද් පිල ලකුණු 152කින් නතර කළ ගුජ­රාට් ක්‍රීඩ­කයෝ ඕවර 16.4කදී ජය­ග්‍රාහී ඉල­ක්කය පසු කළේ කඩුලු 3ක් දැවී තිබි­ය­දීය.

නායක ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 61ක් රැස් කළ අතර, වොෂිං­ටන් සුන්දර් ලකුණු 49ක් සහ ෂර්ෆේන් රද­ර්ෆර්ඩ් පන්දු 16කින් නොදැවී ලකුණු 35ක් ගුජ­රාට් ඉනි­මට එක් කළහ. පන්දු යැවී­මේදී මොහො­මඩ් ෂාමි කඩුලු 2ක් දවා ගත්තේය.  හෙන්රිච් ක්ලාසෙන් ලකුණු 31ක් රැස් කර­මින් පළ­මුව පන්දු­වට පහ­ර­දුන් හයි­ද්‍රා­බාද් ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ අතර, කමිඳු මෙන්ඩිස්ගේ ඉනිම එක් ලකු­ණ­කට සීමා විය. පන්දු යැවී­මේදී මොහො­මඩ් සිරාජ් කඩුලු 4ක් හා සායි ක්‍රිෂෝර් සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා කඩුලු 2 බැගින් දවා ගත්හ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT