Wednesday, April 9, 2025
Home » එංග­ලන්ත සීමිත ඕවර නාය­ක­ත්වය බෘෘක්ට

එංග­ලන්ත සීමිත ඕවර නාය­ක­ත්වය බෘෘක්ට

by Gayan Abeykoon
April 8, 2025 8:13 am 0 comment

එංග­ලන්ත ක්‍රිකට් කණ්ඩා­යමේ සීමිත ඕවර (එක්දින හා විස්සයි20) නව නාය­කයා ලෙස මැද පෙළ පිති­කරු හැරී බෲක් පත්කර තිබේ.

පාකි­ස්තා­නයේ සත්කා­ර­ක­ත්ව­යෙන් නිමාවූ ශූර­යන්ගේ කුස­ලාන තර­ගා­ව­ලි­යේදී එංග­ලන්ත පිල මෙහෙ­යවූ ජොස් බට්ලර් සීමිත ඕවර නාය­ක­ත්වයේ ඉව­ත්වීම හේතු­වෙන් උප නාය­කයා ලෙස කට­යුතු කළ බෲක් එම තන­තු­රට පත් කිරී­මට කට­යුතු කර තිබේ.

ඔහුගේ නාය­ක­ත්වය යටතේ එංග­ල­න්තය ලබන මස අගදී සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් පිලට එරෙ­හිව විස්සයි20 තරග 3ක් සහ එක්දින තරග 3ක් ක්‍රීඩා කිරී­මට නිය­මි­තය. 2022 වසරේ ජගත් පිටි­යට පිවිසි 26 හැවි­රිදි බෲක් එක්දින තරග 26කදී සහ විස්සයි20 තරග 44කදී එංග­ලන්ත පිල නියෝ­ජ­නය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT