ව්‍යාජ ලෙස කෘමිනාශක වර්ගයක් නිෂ්පාදනය කර දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්ට අලෙවි කරමින් රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් වංචා කොට සැඟව සිටි බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි. සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයකු වන බවත් මොහු කලෙක පටන් නාමයක් යටතේ කෘමි නාශක වර්ගයක් ව්‍යාජ ලෙස සකසා අලෙවි කරමින් රුපියල් 2,28,000ක මුදලක් වංචා කළ බවට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
මොහු කඩුගන්නාව ප්‍රදේශයේ ලැඟුම්හලක රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමේදී සැකකරු විසින් වෙනත් අයෙකුගේ රියැදුරු බලපත්‍රයක් ඉදිරිපත් කළ බවත් මෙහිදී ඇතිවු සැකය මත පොලිස් නිලධාරීන් විසින් වැඩි දුර ප්‍රශ්න කිරීමේදී සත්‍ය නම සහ පදිංචිය අනාවරණය කරගැනීමට හැකිවීම මත අත්අඩංගුවට ගැනීම සිදු කළ බවත් පොලීසිය පවසයි.
මොහු කිරිඇල්ල, කැලණිය, පමුණුගම, අවිස්සාවේල්ල, රඹුක්කන, මල්වතුහිරිපිටිය, මහනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවකට ව්‍යාජ ලෙස සැකසූ කෘමි නාශක වර්ගය අලෙවි කොට රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් වංචා කොට සැඟව සිට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.