Wednesday, April 23, 2025
Home » ව්‍යාජ ලෙස කෘමිනාශක වර්ග­යක් රට පුරා බෙදා­හැරි අයෙක් මාට්ටු

ව්‍යාජ ලෙස කෘමිනාශක වර්ග­යක් රට පුරා බෙදා­හැරි අයෙක් මාට්ටු

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

ගම්පහ අති­රේක

ව්‍යාජ ලෙස කෘමිනාශක වර්ග­යක් නිෂ්පා­ද­නය කර දිව­යි­නෙහි විවිධ ප්‍රදේ­ශ­යන්ට අලෙවි කර­මින් රුපි­යල් ලක්ෂ 40ක පමණ මුද­ලක් වංචා කොට සැඟව සිටි බව කියන පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව යක්කල පොලී­සිය සඳ­හන් කරයි.  සැක­කරු ගම්පහ ප්‍රදේ­ශයේ පදිංචි 37 හැවි­රිදි අයකු වන බවත් මොහු කලෙක පටන් නාම­යක් යටතේ කෘමි නාශක වර්ග­යක් ව්‍යාජ ලෙස සකසා අලෙවි කර­මින් රුපි­යල් 2,28,000ක මුද­ලක් වංචා කළ බවට ලද පැමි­ණි­ල්ල­කට අනුව සිදු කළ විම­ර්ශ­න­යේදී සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වූ බව පොලී­සිය පව­සයි.

මොහු කඩු­ග­න්නාව ප්‍රදේ­ශයේ ලැඟු­ම්හ­ලක රැඳී සිටින බවට ලද තොර­තු­ර­කට අනුව අදාළ ස්ථානය පරී­ක්ෂා­වට ලක් කිරී­මේදී සැක­කරු විසින් වෙනත් අයෙ­කුගේ රියැ­දුරු බල­ප­ත්‍ර­යක් ඉදි­රි­පත් කළ බවත් මෙහිදී ඇතිවු සැකය මත පොලිස් නිල­ධා­රීන් විසින් වැඩි දුර ප්‍රශ්න කිරී­මේදී සත්‍ය නම සහ පදිං­චිය අනා­ව­ර­ණය කර­ගැ­නී­මට හැකි­වීම මත අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කළ බවත් පොලී­සිය පව­සයි.

මොහු කිරි­ඇල්ල, කැල­ණිය, පමු­ණු­ගම, අවි­ස්සා­වේල්ල, රඹු­ක්කන, මල්ව­තු­හි­රි­පි­ටිය, මහ­නු­වර ඇතුළු ප්‍රදේශ ගණ­නා­ව­කට ව්‍යාජ ලෙස සැකසූ කෘමි නාශක වර්ගය අලෙවි කොට රුපි­යල් ලක්ෂ 40ක පමණ මුද­ලක් වංචා කොට සැඟව සිට ඇති බවත් පොලී­සිය සඳ­හන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT