Saturday, April 19, 2025
Home » අපල දුරු කිරී­මට යැයි කියා දුර්ලභ පක්ෂීන් විසි අටක් විකිණූ කතක් අත්අ­ඩං­ගු­වට

අපල දුරු කිරී­මට යැයි කියා දුර්ලභ පක්ෂීන් විසි අටක් විකිණූ කතක් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

කොට්ටාව - ප්රදීප් කුමාර

අපල දුරු කිරී­මට නිද­හස් කළ පක්ෂීන් අල්ලා වෙනත් පුද්ග­ල­යින්ගේ අපල දුරු කිරී­මට මිලදී ගන්නා ලෙස පව­ස­මින් ඉතා දුර්ලභ ගණයේ පක්ෂීන් නීති විරෝධී ලෙස අලෙවි කර­මින් සිටි කාන්තා­වක් පක්ෂීන් 28 දෙනෙකු සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව කොට්ටාව පොලී­සිය පව­සයි.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ජා ඇළ ප්‍රදේ­ශයේ පදිංචි 50 හැවි­රිදි කාන්තා­වක බව පොලී­සිය පව­සයි.

කොට්ටාව පොලී­සියේ නිල­ධාරි කණ්ඩා­ය­මක් ජංගම රාජ­කා­රියේ නිර­තව සිටි­යදී සත්ත්ව හිංස­නය ඇති­වන සේ කුඩා කූඩු දෙකක හිර­ක­ර­ගෙන පක්ෂීන් 28 දෙනකු සන්ත­කයේ තබා­ගෙන සිටි කන්තා­වක කොට්ටාව නගර මධ්‍යයේ රැඳී සිටිනු දැක ඒ පිළි­බ­ඳව ප්‍රශ්න කිරී­මේදී එම පක්ෂීන් අලෙවි කිරීම සඳහා රැඳී සිටින බවට තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ.

ඒ අතර දුර්ලභ ගණයේ පක්ෂීන් කිහිප දෙනෙකු ද එහි සිට ඇති අතර ඔවුන් රුපි­යල් 1000 සිට 2000 දක්වා මිල ගණ­න්ව­ලට අලෙවි කර තිබේ.

එහෙත් එම පක්ෂීන් අලෙවි කිරීම සඳහා කිසිදු අව­ස­ර­යක් නොමැති වීම නිසා ඇය සන්ත­කයේ තිබූ පක්ෂීන් 28 දෙනා අදාළ කාන්තාව ද සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන වැඩි­දුර ප්‍රශ්න කිරී­මේදී ජාඇළ ප්‍රදේ­ශයේ සිට කොට්ටාව ප්‍රදේ­ශ­යට පැමිණ මෙම ජාවා­රම කර­ගෙන ගොස් ඇති බවට තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ.

මෙම ජාවා­රම වෙනත් පුද්ග­ල­යකු සිදු­ක­රන අතර ඒ සඳහා දවස් පඩි­යට කොළඹ අවට ස්ථාන රැසක මෙසේ පක්ෂීන් සමඟ පුද්ග­ල­යින් යොදවා ඇති බවට ද තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ.

පසුව කාන්තාව සන්ත­කයේ තිබූ පක්ෂීන් 28 දෙනා දෙහි­වල සත්වෝ­ද්‍යා­න­යට යොමු කොට වාර්තා­වක් කැඳ­වී­මට නිය­මිත අතර සැක­කා­රිය හෝමා­ගම අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT