Home » මාධ්‍ය­වේදී තුසි­තට හා බිරි­යට පහ­ර ­දීමේ සිද්ධිය: අධි­ක­ර­ණයේ පෙනී නොසිටි සැක­ක­රු­වන් පස් දෙනා අත්අ­ඩං­ගු­වට ගන්න නියෝග

මාධ්‍ය­වේදී තුසි­තට හා බිරි­යට පහ­ර ­දීමේ සිද්ධිය: අධි­ක­ර­ණයේ පෙනී නොසිටි සැක­ක­රු­වන් පස් දෙනා අත්අ­ඩං­ගු­වට ගන්න නියෝග

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

කළු­තර මධ්යම සමූහ - සුනිල් ස්ටැන්ලි

මාධ්‍ය­වේදී තුසිත කුමාර ද සිල්වා සහ ඔහුගේ බිරි­යට පහ­ර­දීමේ නඩුව කළු­තර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ කැඳවූ අව­ස්ථාවේ අධි­ක­ර­ණයේ පෙනී නොසිටි සැක­ක­රු­වන් පස්දෙනා අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙසට කළු­තර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් රසං­ජුලා පෙරේරා මහ­ත්මිය වරෙන්තු නිකුත් කළාය.

පොලී­සිය හා ආර­ක්ෂක අංශ විසින් සිදු කළ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැට­ලීම් සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තා පුව­ත්ප­ත්වල පළ කළැයි කියන සිද්ධි­ය­කට අදා­ළව 2019 වසරේ දෙසැ­ම්බර් මස 06 වැනිදා මාධ්‍ය­වේදී තුසිත කුමාර ද සිල්වා සහ ඔහුගේ බිරිය වන අනුෂා කුමාරි ඒක­නා­යක යන අයට පහ­ර­දීමේ සිද්ධි­ය­කට අදා­ළව මෙම නඩුව පවරා තිබිණි.

මෙහිදී අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් නොවූ සැක­ක­රු­ව­නට වරෙන්තු නිකුත් කළ විනි­සු­රු­ව­රිය නඩුව දෙසැ­ම්බර් මස 17 වැනිදා කල් තැබු­වාය.

මෙහිදී පැමි­ණිල්ල වෙනු­වෙන් නීතිඥ සංජීව ගුණ­රත්න මහතා පෙනී සිටි­යේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT