90
කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම නගරයට ආසන්න හුංගම වේල්ල කොටසක් ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ඊයේ (07) තරමක බාධා ඇති වී තිබෙන බව හුංගම පොලීසිය පවසයි.
පෙර දින ඇති වූ මහ වැසි හේතුවෙන් කච්චිගල්ආර උතුරා යෑම නිසා ප්‍රධාන මාර්ගය හරහා ජලය ගලා බැස යෑමෙන් ජල ගැලීම් තත්ත්වය ඇති වී ඇත.
මීට පෙරද අවස්ථා කිහිපයක දී මෙලෙස කච්චිගල්ආර උතුරා යෑම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා ඇති වි තිබිණි.